සංචාරකයන් මෙරටට ගෙන්වීමේදී අදාල සංචාරක ආයතන, සංචාරක සංවර්ධන අධිකාරියේ පූර්ව අනුමැතිය ලබාගැනීම අනිවාර්ය අතර සංචාරකයන් ගමන්කරන ස්ථාන පිළිබද අධිකාරියට පූර්ව දැනුම්දීමක් සිදුකළ යුතු බවත් එම දැනුම්දීම සිදුකළ අවස්ථාවේදී සංචාරකයන් මෙරටට පැමිණීමේ සිට ඔවුන් මෙරට සංචාරය කරනු ලබන ස්ථාන හා ඔවුන්ගේ පිටවයාම දක්වා අධිකාරිය විසින් පූර්ණ අධීක්ෂණයකට ලක්කරනු ලබන බවත් සදහන්.
ඒ සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මාධ්‍යස්ථානයක් සංචාරක සංවර්ධන අධිකාරියේ ස්ථාපිත කිරීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍යංශය පැවසීය.
-පංචාලි අබේසේකර