රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඊ.ටී.අයි.සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, සහ දීපා එදිරිසිංහ යන සිව්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1(ආ) ශ්‍රේණියට පත්වීම් ලැබූ 2016/2018 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ගේ නාමලේඛණය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළකර තිබේනවා.

එම නාමලේඛණය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ජාතික පාසල් සහ පළාත් පාසල් ලැබීමට නියමිත ඩිප්ලෝමාධාරීන්ගේ නාමලේඛණය අදාළ පාසල හෝ පළාත සමග ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශ දැනුම් දෙන්නේ.

 

-පංචාලි අබේසේකර

2021 වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ ලොව ඉහළ කාර්යසාධනයක් වාර්තා කර තිබෙන කොටස් වෙළෙඳපොළ අතර දෙවැනි ස්ථානයට කොළඹ කොටස් වෙළෙඳපොළ පත්ව තිබෙන බවට බ්ලූම්බර්ග් වාර්තාවක් උපුටා දක්වමින් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා, සිය සමාජ ජාලා ගිණුමක සටහනක් තබා ඇත..

 දිනෙන් දින පෞද්ගලික වාහනවල ගමන්කිරීම සදහා වැඩිවන ඉල්ලුම අධෛර්යමත් කරමින් පොදු බස් සේවා සදහා මගීන් ආකර්ශනය කරගැනීම අරමුණු කරගනිමින් ක්‍රියත්මක "සිටි බස්" අධි සුඛෝපභෝගි බස් රථ සේවාවේ පළමු අදියර අද මාකුඹුර බහුවිධ ප්‍රවහන මධ්‍යස්ථානයෙන් ආරම්භ කෙරිණි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල ඇතුලු පිරිසට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

රනිල් මුල්ගල තිබ්බ අග්නිදිග ආසියාවේ සහ ලංකාවේ ලොකුම ටයර් කර්මාන්ත ශාලාව “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” ට (Ferentino Tire Corporation- PVT Ltd) ගෝඨාභය ගිහින් විවෘත කරේ හරියට එයාගේ වැඩක් වගේ...

තවත් විදෙස්ගත ශ්‍රමිකයන් 109 දෙනෙකු අද උදෑසන ගුවන් මගින් මෙරටට පැමිණ තිබේ.

වර්ෂ 2019 යේදී පාසල් සිසුන් තිස්දහස් හත්සිය අසූ තුන්දෙනකු නියමිත කාලයට හෝ පාසල් හැරගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ​ලේඛන දෙපාර්තමේන්තුවෙ අනාවරණය කරයි.

මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරනවා.

දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation- PVT Ltd) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (14) පස්වරුවේ විවෘත කෙරුණා.

Connet With Us