ටයර් කම්හල රනිල්ගෙ ද ? නන්දෙගෙ ද ?   Featured

Friday, 15 January 2021 12:09

රනිල් මුල්ගල තිබ්බ අග්නිදිග ආසියාවේ සහ ලංකාවේ ලොකුම ටයර් කර්මාන්ත ශාලාව “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” ට (Ferentino Tire Corporation- PVT Ltd) ගෝඨාභය ගිහින් විවෘත කරේ හරියට එයාගේ වැඩක් වගේ...

මේ ටයර් කම්හලේ ඉතිහාස කතාව දන්නවාද...?

මේ ටයර් කම්හලට ආයෝජනය කරන්නෙ නන්දන ලොකුවිතාන. මතකද මේ නන්දන ලොකුවිතාන කියන්නෙ කවුද කියලා. ඔව් අර මහින්ද රාජපක්ෂගෙ හංගපු සල්ලි වලින් ඩුබායි වල මැරියට් හෝටලය ගත්තා කිව්ව නන්දන ලොකුවිතාන තමයි ඒ. අර රන්ජන් රාමනායක කියලා අධිකරණයට අපහාස කරලා හිරේ ගිය සල්ලාලයා හෝටලෙ ඉස්සරහා ගිහින් ෆොටෝ ගහලා දැම්මෙ " මෙන්න මහින්දගෙ හෝටලෙ " කියලා.

ඔව්.. යහපාලනය කාලේ තමයි මේකට මුල්ගල තිබ්බෙ. රනිල් තමයි මුල්ගල තිබ්බෙ. ඊටපස්සේ ඒකට උන වැඩේ ඔයාලා දන්නවාද..?

ආයෝජන මණ්ඩල ව්‍යාපෘති නිසා අපේ රටට විශාල වශයෙන් බදු මුදල් අහිමි වෙනවා කියලා බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අගුළුගල්ලේ සිරි ජිනානන්ද ස්වාමීන් වහන්සේ අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනවා. ඒක කෙලින්ම දාන්නෙ හොරණ ටයර් කර්මාන්ත ශාලාව ඉලක්ක කරලා.

මේකෙන් කොමිස් ගහන්න මලික් සමරවික්‍රම මරු වැඩක් කරනවා. ඩොලර් මිලියන 250 ක ව්‍යාපෘතියක් ඩොලර් මිලියන 75 ක් ලෙස පෙන්නලා කැබිනට් අනුමැතිය ගන්නවා. ඊට පස්සෙ කැබිනට් අනුමැතියකින් තොරව ඉතිරි මුදල සම්මත කරනවා. කොහොමද මලික්ලාගේ බිස්නස් මයින්ඩඩ් ගේම්. මේක ඉහත ගොනු කරපු පෙත්සමේදි පෙන්වා දෙනවා.

මලික් ගහපු මේ ගේම් එක නිසා රනිල් මුල්ගල තිබ්බ මේ ව්‍යාපෘතිය නතර වෙනවා.

මේ කොමිස් සිද්ධිය ගැන නවීන් දිසානායක මාධ්‍ය සාකච්ඡාවක් තියලා රටටම නිරාවරණය කරා. යහපාලන නිරුවත ලෝකෙම දැනගත්තා. යහපාලන සමයෙ ලංකාවෙ ආයෝජන දෙකයි පටන් ගත්තෙ එකක් හම්බන්තොට සිමෙන්ති කම්හල අනික මේ හොරණ ටයර් කර්මාන්තශාලාව. යහපාලන කොමිස් මුදල් නිසා මේ දෙකම හබක් උනා. මේ දෙකම පටන් ගත්තෙ මේ නන්දන ලොකුවිතාන තමයි.

ඒ කාලේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘති කිහිපයකම ඇවිත් තිබුනා. ඒ ලිපිගොනු සියල්ලම එක පුද්ගලයෙක් ලඟ හිරවෙලා තිබුනා. ඒ තමයි " යකඩ මිනිසා " . ඒ ආයෝජකයින්ගෙන් 30% කොමිස් ඉල්ලලා තිබුණා. ඔවුන් හැරිලා යන්න ගියා. එහෙම තමයි යහපාලනය මේ රටට කෙලෙව්වේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූවාට පස්සෙ තමයි අතරමග වැඩ නතර කරලා තිබුණු මේ ව්‍යාපෘතිය නැවත වැඩ පටන් ගත්තෙ. ඒ අනුව තමයි අග්නිදිග ආසියාවේ ලොකුම ටයර් කර්මාන්තශාලාව අපේ රටට අයිති වන්නෙ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති උනේ නැත්නම් අද එහි තියෙන්නෙ උඩට නැගුනු බිත්ති ටිකයි වල් බිහිවුණු අක්කර හැටකුයි විතරයි.

ලංකාවේ ආයෝජන වල පැලවුණු මුල්ගල් එමටයි. කුලියාපිටියේ වොක්ස්වැගන් කොම්පැනිය ඔබට මතක ඇති. එහෙම වෙන්න ගියපු හොරණ ටයර් කර්මාන්තශාලාව එහෙම නොවුනෙ වත්මන් රජයට පිං සිද්ධ වෙන්න. ඒ නිසා මෙය විවෘත කිරීමේ සම්පූර්ණ ගෞරවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හිමි විය යුතුයි.

 

- නිලන්ත සත්සර ගමගේ
(fb සටහනකි)

Leave a comment

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us