ආණ්ඩුව පෙ‍රැළිමට චම්පිකට පුලුවන්ද? Featured

Monday, 18 January 2021 11:45

චම්පික රණවක තමන්ගේ අලුත් දේශපාලන ව්‍යාපාරය වන 43 වෙනි සේනාංකයේ කටයුතු සමාජගත කරමින් පවසා සිටියේ මේ ආණ්ඩුව පෙරළා දමන බවය.

එහෙත් එය ආණ්ඩු පෙරළියකට එහා යන වැඩ පිළිවෙලක් බවද අවධාරණය කළේය. චම්පිකගේ අපේක්ෂාව 2024 ජනාධිපති අපේක්ෂකයා වීම බව දැන් අතිශය පැහැදිලි කතාවකි. ඒ කොහොම වෙතත් චම්පිකට අපේක්ෂකයකු වීමේ හැකියාව තිබුණද ජනාධිපතිධුරයක් දිනාගැනීමේ හැකියාව තිබේද යන්න ගැන සැක සංකා තියා ගන්න අවශ්‍ය නැත. මන්ද එය කිසිසේත්ම ඔහුට කළ නොහැකි බැවිණි. මූලිකම චම්පික යනු ජන පදනමක් නැති නායකයෙකි.

පසුගිය මහ මැතිවරණයෙන් යන්තම් මන්ත්‍රීධුරයක් දිනා ගත්තේ සජිත් ප්‍රේමදාසට පින් සිදුවන්නට මිස ඔහුට ඇති අමුතු ජන කැමැත්තක් නිසා නොවේ. එය චම්පිකද නොදන්නවා නොවේ. ඔහු මුලින් උත්සහ ගත්තේ සජබයේ නායකත්වයට අභියෝග කර එහි නායකත්වය තමන් වෙත ලබා ගනිමින් තමන්ගේ අපේක්ෂාව වෙත යෑමටය. එහෙත් එය පරාජය කිරීමට සජිත් මේ වන විට සමත්ව ඇත. එසේම චම්පිකට වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක සහයොගයක් මෙතෙක් ප්‍රකාශයට පත් නැත. චම්පික යනු බලය වෙනුවෙන් ඕනෑම තක්කඩි වැඩක් කිරීමට උත්සුකවන්නකු බව දේශපාලන ක්ෂේත්‍රයේ පිළිගැනීමය. නිරන්තරයෙන් ප්‍රතිපත්ති සහ පක්ෂ මාරු කිරීම ඔහුගේ දේශපාලන ජීවිතය තුල කැපී පෙනෙනම සිදු වීමය. මේ තත්වයන් මත ඔහු වෙත කිසිවකුගේ විශ්වාසය පල නොවෙනු ඇත.

චම්පික 43 සේනාංකය නමින් මෙවර තෝරාගත් දේශපාලන සටන් පාඨයට මේ සමාජය තුල වලංගුභාවයක්ද නැත. නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය ලැබූ මෙරට සුජාත දූ පුතුන් ඔහුගේ ඉලකක්ය වී තිබේ. මෙම ජන කණ්ඩයම යනු වර්තමානයේ සමස්ත ශ්‍රි ලාංකික පුරවැසියාම පාහේ ඇතුළත් වෙන කණ්ඩායමකි. එතැනින් 43 පරපුර කියා වෙනම කොටසක් වෙන් කිරීම සිදු කළ නොහැක්කකි. එහෙත් තමුන් වෙනම සංවිධානය වූ පිරිසක් කියා අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට කටයුතු කළ අය මෙරට සිටියේය. තවමත් සිටී. එසේම 43 පරපුර 56 දරුවෝ ලෙසින්ද පෝෂණය ලැබූවන් වන අතර මේ රටේ සිංහල බෞද්ධ ජාතිවාදී සහ ජාතිකවාදී චින්තනය ගොඩනැගීමටද ඔවුන් දායක විය. හෑත්තෑ එකේ, අසූ අට අසූ නවය කැරළි වලටද දායක වූවන් වේ. ජවිපෙ තුලද ක්‍රියාකාරීවන්නේ මේ සුජාත දූපුතුන්ය කියන වර්ගයාය.

අද මේ රට යම් පසුගාමී ගෝත්‍රික ආකල්පවලින් තවදුරටත් හෙම්බත් කිරීමටදායක වූයේද මේ හතලිස් තුනේ පරපුර ලෙස වෙනස් අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට උත්සහ කරන කණ්ඩායමය. වත්මන් රාජපක්ෂ දේශපාලන යාන්ත්‍රණයද මේ කණ්ඩායමේ නිශ්පාදනයකි. ඒ වෙනුවෙන්ද චම්පිකලා සැහෙන සේවයක් කර තිබිණි. ඔවුනොවුන් අතර වන දේශපාලන අනවබෝධයන් මත අද වෙන්ව සිටියත් මේ එකම කණ්ඩායමක සාමාජිකයන්ව සිටි අයය. එහෙත් රාජපක්ෂලා මේ 43 කණ්ඩායමෙන් විතැන්ව 77 කණ්ඩායමේ නියෝජියන් බවට සීරු මාරු විය. 77 ජේ ආර් ජයවර්ධන විසින් ඇති කළ යුග පෙරැළියේ වත්මන් නියෝජිතයන් ඔවුන් බවද පෙන්වා තිබේ. මේ නිසා චම්කලාට රාජපක්ෂලා සමඟ ගැටුමක් තිබිය හැකි නමුත් චම්පිකලා දේශනා කරමින් සිටින ආර්ථික මොඩලය යනු මේ 77 පරපුරේ අගයන ලිබරල් ආර්ථික මොඩලයමය. 94 පරපුර මේ 77 මොඩලයට මානුෂික මුහුණුවරක් ආදේශ කර දේශපාලනිකව ප්‍රජාතන්ත්‍රවාදී හැඩයක් යෝජනා කරන ලදී. එහෙත් එය පරාජය විය. පසුගිය යහපාලන යුගය ද එම 94 පරපුරේ යෝජනාව හා බැඳුනකි. ඒ සියල්ල එසේ වූවත් අද ගෝඨාභය සාධකය නව දේශපාලන උපාය මාර්ගික ප්‍රවේශයක් වෙත ගමන් කරමින් සිටින බව ද පෙන්වා තිබේ. ඒ චම්පිකලා දැන් කතා කරන කුසලතාවයට නිපුණතාවයට මුල් තැන දෙන රාජ්‍ය පාලන ක්‍රමවේදයක් වෙතය. මේ නිසාත් චම්පිකගේ සටන් පාඨය දැනටමත් පිළිණුවූවකි.

චම්පිකට තෝරාගන්න සිදුවී ඇති 43 වර්ගවාදයත් 77 ලිබරල් වුවමනාවත් කලතා ගත් මොඩලයත් අලුත් දෙයක් නොවේ. පවතින කුණුගොඩවල් නැවත අවුස්සා අලුත් කුණුගොඩක් බවට පෙන්වීමක් හැර වෙන දෙයක් මෙතැන නැත. එසේම වත්මනෙහි මේ ලණුව යළි ගිලින්න සූදානම් පිරිස්වල බරපතල අඩුවක් තිබේ. ඊට අලුතෙන් පිරිසක් එකතුවීමට නියමිතද නැත. රාජපක්ෂවරු විසින් ආවරණය කර තිබෙන කලාපය තුලට චම්පිකට කඩා වැදීමේ හැකියාවක් නොමැති තත්වයන් තුල චම්පිකගේ ලණුව ගිලීමට රාජපක්ෂ පාක්ෂිකයන් සූදානම් නොවේ. සජිත් සමඟ සිටින පිරිස චම්පික ගේ බල වුවමනාවට නම්මවා ගැනීම සිදු වූවත් චම්පිකට මේ රටේ 70 ලක්ෂයකගේ කමැත්ත ලබාගැනීම සිහිනෙන්වත් සිතිය හැකි තත්වයක් නොවේ.

එහෙත් වත්මන් ආණ්ඩුවේ මුග්ධ ක්‍රියාකාරිත්වයන් චම්පිකට වාසිදායක වන තැනට කටයුතු යෙදුනහොත් ආණ්ඩුවට වුව 2024 වසර වඩාත් අසීරුවනු ඇත. ඇතැම් මැති ඇමැතිවරුන් සහ ආණ්ඩු හිතෛශී සමාජ මාධ්‍යකරුවන් ආණ්ඩුවේ පැවැත්මට මේවන විට කරමින් සිටින හානිය දැනටමත් බරපතල තත්වයකට පැමිණ තිබෙන බවත් පැවැසිය යුතුය.

Last modified on Monday, 18 January 2021 11:46

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us