ශ්‍රී ලංකාවේ හමුදාකරණය සහ සිංහල හපුටු කොටි

Wednesday, 20 January 2021 22:22

සත්‍යය සහ යුක්තිය සඳහා වන ව්‍යාපෘතිය (ITJP) සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) යන සංවිධාන විසින් හිටපු හමුදා නිලධාරියකු ද වන ජනාධිපති ගෝඨභය රාජපක්ෂගේ පාලනය යටතේ රජයේ ඉහළ පෙලේ තනතුරු වලට හමුදා නිලධාරීන් 39 දෙනකු නම් කර ඇති බවට හුවා දක්වමින් ශ්‍රි ලංකාව හමුදාකරණයකට ලක්කිරීම ' කිළිපොලායන සුළු අත්පත්කර ගැනීමක්' ලෙසට නම් කර තිබේ.

මුලින්ම මේ සංවිධාන ගැන කියනවා නම්, ITJP කියන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය කියන්නේ බටහිර රාජයන්හී වුවමනාවන් වෙනුවෙන් පරිධියේ රටවල දේශපාලනය අවුල් වියවුල් කිරීම සඳහාත් බටහිර රාජ්‍යන්හී බලපෑමට එම රටවල් හසුකරවීම වෙනුවෙන් හේතු සම්පාදනය කරන කොටි ඩයස්පෝරාව විසින් නඩත්තුකරන සංවිධානයකි. කාලයක් තිස්සෙම මෙම සංවිධානය ,ලංකාව සහ ලෝකයේ රටවල් ගනනාවක් ගැනම අභූත චෝදනා ගොනු කරමින් සිටී. නමුත් ඊට වඩා බරපතල දේ එය නොවේ. මෙම සංවිධානය විසින් සහ කොටි ඩයස්පෝරාව මඟින් සපයන අරමුදල් වලින් යැපෙන JDS කැමැති සංවිධානය ගැන විශේෂයෙන් යමක් කිව යුතුය. මෙම සංවිධානය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදියෝ ලෙස නම් කරගෙන සිටියද මේ මාධ්‍යවේදීන් යනු උතුරේ එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය ක්‍රියාත්මකව පැවැති කාලයේ එම සංවිධානයේ අරමුදල් වලින් යැපුණු පිරිසකි. ඇතැමුන් කොටින්ගෙන් යුධ පුහුණුව පවා ලැබූ අයය. ඔවුන් එවකට කොටි සංවිධානයේ බෙදුම්වාදී වුවමනාව වෙනුවෙන් පෙනී සිටිමින් මෙ රටට එරෙහිව අවි අතදැරුවෝ වෙති. ' සිංහල කොටි' ලෙස එවකට හැඳින්වුයේ මේ කල්ලියයි. ඔවුන්ට මේ රටින් පලායෑමට සිදුවූයේ ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් හෙළිදරව් වීම නිසාය.

මෙම කණ්ඩායම බටහිර රටවලට ගාල් වී අදටත් එල්ටීටීඊයේ බෙදුම්වාදි අරමුණු වෙනුවෙන් පෙනී සිටී. මේ JDS කල්ලිය හමුදා ඇඳුමක්වත් පෙන්නන්න බැරි මානසික රෝගී භාවයකින් පෙලෙන්නන් බව ඔවුන් පසුගිය කාලය තුල සිදුකළ කියුම් කෙරුම් අනුව පැහැදිලි වේ. සෑම වසරකම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම රැස්වීමට ආසන්න කාලයේදී මෙරටට එරෙහි යුධ අපරාධ චෝදනා එල්ල කරමින් හමුදා නිලධාරීන් යුධ අපරාධකරුවන් කරමින් මානව හිමිකම් කොමිසමට ගතු කීම සිරිතක් කරගෙන සිටීම මොවුන්ගේ සුපුරුදු චර්යාවකි. ඒ වෙනුවෙන් ඩොලර් මිලියන් ගනනින් කොටි ඩයස්පෝරාවෙන් පවා ගෙවීම් ලැබන බවද රහසක් නොවේ.

මොවුන්ගේ මේ අමන ක්‍රියා කලාපයට සහය දෙන දේශද්‍රෝහී දේශපාලකයන් පිරිසක්ද මෙරට වාසය කිරීම අතිශය කණගා‍ටුදායක තත්වයකි. මංගල සමරවීර ප්‍රමුඛව එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ ඇතුලු නඩයක් මේ සිංහල කොටින්ගේ වැඩපිලිවෙලට සහය දීම දිගටම කර තිබේ.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී නිරන්තරයෙන් අමරිකාවත් බටහිර රාජ්‍යයන් සමඟ එකතු වී ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ යුධ අපරාධ චෝදනා ගොනු කිරීමට අවශ්‍ය තොරතුරු ලබා දෙමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යුගයේදී කටයුතු කළා හා සමානව දැනුත් මේ අය ක්‍රියාත්මකව තිබේ. මේවා අමුතුවෙන් කිව යුතු රහස් නොවේ. පසුගිය කාලය පුරා රටම දැක්ක දේවල්ය.

මෙම සංවිධන දෙක අලුතෙන්ම මානව හිමිකම් කොමිසම හමුවේ කියන්න යන්නේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රට හමුදාකරණයකට ලක් කිරීම ඔවුන්ගේ ඇඟ කිළිපොලා යන තත්වයක් බව අවධාරණය කරන ලැජ්ජා හිතෙන කතාවකි. ඒක ඇත්ත විය හැකිය. මේ අය මේ රටින් පළා ගියේ හමුදාව මේ ත්‍රස්ත සිංහල කොටි නාම්බෝ ටික ලුහුබැඳීමට පටන් ගත් නිසාය. ඒ අනුව මොවුන් හමුදාවට බිය වීම සාධාරණය.

එය කොහොම වෙතත් මේ හමුදාකරණය මේ රටේ කිසිවකුගේ හෝ ඇඟ කිළිපොලා යන තත්වයක් වී නැත. මෙය ජනතාව ඉල්ලා සිටිමින් තිබෙන තත්වයක් යැයි කීවාටද වැරදි නැත. දශක ගනනාවක් තිස්සේ මේ රට දේශපාලකයන් විසින් කාලා විනාස කර ඇති තත්වයන් යටතේ රට ගොඩනැගීම වෙනුවෙන් ගතයුතු හදිසි ක්‍රියාමාර්ග වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය ඒ වෙනුවෙන් විශ්වාසයක් ඇති, වැඩ කළ හැකි, දක්ෂ හමුදා නිලධාරීන් පිරිසක් තෝරා ගෙන ඇත. පසුගිය වසරක කාලය තුලදී එහි සාර්ථකත්වයන් වුවමනාවටත් වඩා ඔප්පුකර පෙන්වා ඇත.

ඇට්ටකුණා වෙච්ච රාජ්‍ය නිලධාරී ව්‍යුහය නිසා මේ රටේ සංවර්ධනයට ජනතාවගේ අභිවෘද්ධියට බාධා වී ඇති බව සෑම සියලු දෙනාම පිළිගෙන ඇති කරුණකි. රාජ්‍ය සේවය කොට්ට උරයක් කණ පිට ගසනවාක් මෙන් මුලු මනින්ම ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබේ. එහෙත් ඒ දීර්ග කාලීන සහ ගැ‍ටුම්කාරී වැඩ පිළිවෙලක්වීම වැලැක්විය නොහැක. ඒ රාජ්‍ය නිලධාරී මා‍ෆියාව සමඟ මේවා කිරීම පහසු නොවන නිසාය.

හමුදා නිලධාරීන් යොදාගෙන ජනතාව වෙනුවෙන් කළ යුතු යුතුකම, වගකීම වෙනුවෙන් වත්මන් ජනාධිපති ඔහුගේ පාලන සමය තුල රට වෙනුවෙන් කළ හැකි උපරීමය සිදු කිරීමේ අවංක චේතනාවෙන් නොබියව කටයුතු කරමින් සිටීම වත්මන් විපක්ෂ කණ්ඩායම් වලට දරාගැනීමට නොහැකිවී ඇති බවත් හොඳින්ම පෙනී යයි. මේ නිසා මේ කටයුතු කඩාකප්පල් කිරීම ඔවුන්ගේ පරම චේතනාවය. නමුත් මේ පාහර කල්ලි ගැන අප හෙළිදරව් කළ යුතුය. මොවුන් මේ ද්‍රෝහීවන්නේ මේ රටේ ජනතාවටය. අපේ දරුවන්ගේ අනාගතයටය. අද සමරවීරලාගේ සමාජ මාධ්‍ය හැකි උපරීමය යොදා ජනාධිපතිවරයාට ආණ්ඩුවට එරෙහිව පහර ගසන්නේ හැදෙමින් තිබෙන රට කෙසේ හෝ යළි වළපල්ලට යවා බටහිර උදව්වෙන් රාජ්‍ය පාලනය පැහැරගැනීමට බව පැහැදිලිය. එහෙත් ඒවාට මේ රටේ ජනතාව ඉඩ දියයුතු නැත. 2014 දී ද මේ පාහර නඩය මේ සෙල්ලම කර රාජපක්ෂ පාලනය පෙරළා දමා ;යහපාලනය' නමින් කළ විනාශකාරී මෙහෙයුම තවම අපට අමතක නැත. එහි නරක ආදීනව අප තවමත් විඳිමින් සිටිමු.

ශ්‍රි ලංකාවේ ආරක්ෂක හමුදාව යනු නිකම්ම නිකම් තුවක්කුවක් අතට අරගෙන හතර අතේ වෙඩි තියමින් මිනී මරණ ත්‍රාඩ කල්ලියක් නොවේ. එය මානුෂීය හමුදාවකි. යුධ ශිල්පයේදී ඔවුන්ගේ නිපුණතාවය ලෝකයේ කවර හමුදාවකටත් දෙවෙනි නැති බව ඔප්පුකර පෙන්වා ඇතිවක් මෙන්ම සෑම සියළු ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් නිපුණයන් බවද අද ඔප්පුකර පෙන්වා ඇත. මෙරටදී මෙන්ම ලෝකයේ ඉහළම හමුදා ඇකඩමිවල පුහුණුව ලැබූ විවිධ ශිල්පයන්හී දක්ෂයන් රැසක් අද හමුදාවේ සිටී. කොවිඩ් වසංගත තත්වයන් හමුවේ එය පාලනය කිරීම වෙනුවෙන් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයේ විශිෂ්ටබව පෙන්වා තිබේ. මෑතකදී රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ වගකීම බාරගෙන කාර්යක්ෂම සේවාවක් සපයමින් රුපියල් මිලියනය ගනනින් රට ඉතුරු කරදීම පමණක් නොව ඒ ආශ්‍රිතව සිදුවූ වංචා දූෂණ මුළුමනින්ම නතර කිරීමටද සමත්ව තිබේ. රටේ ඕණෑම හදිසි තත්වයක් හමුවේ භාර දෙන ඕණෑම වගකීමක් හරියටම නූලට තිතට කිරීමේ හැකියාව හමුදාව සතුය.

වත්මන් 'ශ්‍රි ලංකාවේ හමුදාකරණය' කියන්නේ සියල්ල හරියටම සිදුවෙමින් පවතින එකටය. මේ හමුදාකරණයට සිහිබුද්ධියක් ඇති මිනිහෙක් විරුද්ධවන්නේ නැත. කිසිවකුගේ ඇඟ කිළිපොලා යන්න තරම් බියකරු නැත. සත්‍ය වශයෙන්ම එය වුවමනාවට වඩා අහිංසක යැයි කීවාට වරදකුත් නැත. මේ නිසා මිනිසුන්ගේ අවංක ආශිර්වාදය ඔවුන්ට හිමිව තිබෙන බව පාරක තොටකට බැහැලා මිනිසුන්ගෙන්ම ඇසුවොත් මංගල්ලා වැනි ජරාජීර්ණ දේශද්‍රෝහී දේශපාලන පාහරයන්ට ටක්කෙටම දැනගත හැකිය.

මේ දේශද්‍රෝහී සංධානයටම අපි කියන්නේ, පරණ සෙල්ලම් දැන් වලංගු නැති බවය. මිනිස්සු ඒ ඇඟ කිළිපොලා යන බොරුවලට තවත් රැවැටිය නොහැකි බවය. අනික මේ නන්දසේන ගෝඨාභය යුගයය. ජාත්‍යන්තර පිල්ලි වලට භය වූ යුගය දැන් අවහරය. මේ අලුත් යුගයකි. හැප්පෙනවා නම් අලුත් පාරකින් එන්න කියන එකය.

 

-the novemberist

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us