News Items (18842)
සුව වී නිවසට පැමිණි දයාසිරි මුහුණුපොත හරහා කළ ඉල්ලීම
කොවිඩ් 19 අසාදනය වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අද දින සම්පුර්ණයෙන් සුවය ලබා නිවසට පැමිණීමෙන් අනතුරුව සිය මුහුණු පොතේ සටහනක් තබමින් සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවලට පත්කළ නිලධාරීන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මිට සුළු වේලාවකට පෙර සිය රාජකාරි ආරම්භ කළා.
කොච්චිකඩේ නගරයේ පැත්තකින් ගලා බසින මාඔය ගඟ කෙළවරේ පෝරුතොට, මෝයකට ආසන්නයේ පිහිටා ඇති අඩි අසූවක් පමණ උස කුණු කන්ද අද බොහෝ ජීවිතවලට තර්ජනයක් වී තිබේ.
කොවිඩ් එන්නත මෙරටට ගෙන්වීමට අදාළ නියාමන ක්‍රියාවලිය සිදුකරමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරනවා.
දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ඇදීමට ඉඩ දිය නොහැකියි...! අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.
ලෝකය ම වසංගත බියකින් වෙළී ගියත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙරට පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (20) දින ප්‍රකාශ කර තිබේ.
ඉන්දියානු කොවිඩ් එන්නතට ලංකාවේ අනුමැතිය දින කිහිපයකින්
ඉන්දියාවේ නිශ්පාදිත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම සඳහා අනුමත කිරීම ක්‍රියාවලිය වෙනුවෙන් වන පර්යේෂණ ලියවිලි පසුගිය අඟහරුවාදා (19) ජාතික ඖෂධ නියාමන අධිකාරියට (එන්එම්ආර්ඒ) ලබා දී ඇති බව දැනගැනීමට ලැබේ.
ජෝ බයිඩන්ට සහ කමලා හැරිස්ට මෙරට ජනාධිපතිවරයාගෙන් සුබ පැතුම් !
අමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සිටින ජෝ බයිඩන්ට සහ උප ජනාධිපතිනි කමලා හැරිස්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ටුවිටර් ගිණුම හරහා සුබපැතුම් එක් කර තිබෙනවා.
එක් වරක් පමණක් භාවිතා කර ඉවතලන පොලිතින් සහ ප්ලාස්ටික් (ෂැෂේ පැකට් ) තහනම මේ වසරේ අප්‍රේල් මාසයේ මුල් සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
අමෙරිකාවේ නව ජනාධිපතිවරයා වෙනුවෙන් මෙරට අග්‍රාමාත්‍යවරයා එක් කළ සුබ පැතුම් පණිවුඩය !
අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ජෝ බයිඩන්ට සහ උප ජනාධිපතිනී කමලා හැරිස් මහත්මියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක්කර තිබේනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාලව අද(20) ප්‍රධාන පුවත්පත් මුල් පිටු සැරසී ඇත. එක් පුවතකින් කියවුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙක්ට අයත් තඹ කම්හලක සේවය කරමින් සිටියදී අත් අඩංගුවට පත් සැකකරුවන් 10 දෙනෙකු නිදහස් කර ඇති බවය. තවත් පුවත්පතක් ඊයේ වාර්ථාකරන්නේ එම ප්‍රහාරයේ ප්‍රමුඛ සැකකරුවන් ගනනාවකගෙන් ප්‍රශ්න නොකරම එම කොමිසමේ කටයුතු අවසන් කර ඇති බවය. එම සිදුවීම වලට අදාල දිර්ග විස්තරන්ද මාධ්‍යයෙහි පළ කර ඇත.
