News Items (18842)
පාස්කු බෝම්බකරුවෙකු ගේ පියා ලබන 2වෙනිදා අධිකරණයට !
පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාර් නමැති මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා ලබන 02 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර තිබේ.
කෘෂිකර්මාන්තයට ජාතික ප‍්‍රතිපත්තියක් මාස 6 ක් ඇතුළත
කෘෂිකර්මාන්තය සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් ඉදිරි මාස 6 තුළ හදුන්වාදිමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප‍්‍රකාශ කර තිබෙනවා.
ඊයේ දිනය තුළත් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන්
ආසාදිතයින් 130ක් වාර්තා කරමින් දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
මත්පෙති 1000ක් සමග ගල්කිස්ස පොලිස් වසමේ කොතලාවලපුර ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේනවා.
පවතින වසංගතය හමුවේ පසුගිය වසරේ මාර්තු මස 19වනදා සිට වසා දැමුණු ගුවන් තොටුපොළ සංචාරකයින් සඳහා හෙට (21) දිනයේ විවෘත කිරිමට නියමිතයි.
MCC ගිවිසුම ව්‍යවස්ථාවට පටහැනියි ! නීතිපති අවධාරණය කරයි.
අමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිතව තිබූ MCC ගිවිසුමේ අඩංගු කරුණු මෙරට ලිඛිත නීතිය සහ ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා ප්‍රකාශ කර තිබේනවා.
කුවෙට්හි රැකියා සඳහා ගිය ලාංකිකයන් පිරිසක් දිවයිනට! සිරවී සිටින ලාංකිකයන් ගෙන්වීමේ කටයුතු අඛණ්ඩව
කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව කුවෙට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 297 දෙනෙකු ඊයේ (18) රාත්‍රී දිවයිනට පැමිණ තිබෙනවා.
රටෙන් භාගයකට කොවිඩ් එන්නත නොමිළයේ.. විපක්ෂයේ පච සුනුවිසුනු වේ.
මෙරට සමස්ත ජනතාවගෙන් සියයට 50 කට කොවිඩ් එන්නත ලබා දීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.
රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය අහෝසි වන බව නීතිපති දප්පුල ද ලිවේරා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය ග්ලූටතයෝන් අණුවේ සංයෝගයක් සහිත නිෂ්පාදන තුනක් තහනම් කිරීමට නියෝග කර තිබේනවා.
එම නිෂ්පාදනයන් වන්නේ ඕස්ට්‍රේලියාවෙන් ෆේසියා-ප්‍රිමියම්, ඉන්දියාවෙන් ලියා-ෆෙයාර්නස් සහ පකිස්තානයේ ෆාමහෙල්ත් වෙතින් ඊවන්ටෝන් සී ය. මෙම වෙළඳ නාම තුනම දැනට ආනයනය කරනු ලබන්නේ 2002 දී ආරම්භ කරන ලද ඖෂධ සමාගමක් වන ඇලරිස් ලංකා (පුද්ගලික) සමාගම විසිනි.
එබැවින් එම අණු අඩංගු සියලුම නිෂ්පාදන රාජසන්තක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝග කර තිබේ.
එම නිවේදනය පහතින් දැක්වේ.
-පංචාලි අබේසේකර
