රටෙන් භාගයකට කොවිඩ් එන්නත නොමිළයේ.. විපක්ෂයේ පච සුනුවිසුනු වේ.  

Published in පුවත්
Tuesday, 19 January 2021 13:48

මෙරට සමස්ත ජනතාවගෙන් සියයට 50 කට කොවිඩ් එන්නත ලබා දීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මෙරට ජනතාවගෙන් මිලියන 11 කට මෙම එන්නත නොමිළයේ ලැබෙනු ඇත. මේ වන විට නිශ්පාදිත එන්නත් 4ක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවත් මාර්තු මාසය වන විට එම එන්නතක් මෙරටට ලබගැනීමට හැකි බවත් පවසයි.

රජයේ සූදානම එසේ නමුත් කොවිඩ් එන්නත් කරණය ලෝක පරිමාණයන් ආරම්බ වී ඇති මොහොතක එය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවීම තවදුරටත් ප්‍රමාදවීම නිසා ඒ සම්බන්ධයෙන් පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශනයන් පැටව් ගැසීමට පටන් ගෙන තිබේ. වැලේ වැල් නැතිව නන්නත්තාර වී සිටින විපක්ෂ කොටස් ගැන නිතිපතා ආණ්ඩුවේ අකාර්යක්ෂමතා හුවා දක්වමින් පට්ටපල් බොරු සමාජගත කරමින් සිටී. විපක්ෂ නායකවරයා ආරම්භ කළ මේ බොරු අවලාද කීමේ මෙහෙයුම දැන් විපක්ෂයේ හෙංචයියන්ද හිතට එන එන බොරුව කියමින් රටේ ජනතාව නොමඟ යවමින් සිටී.

සජිත් ප්‍රේමදාස මෙම එන්නත ගැන පරික්ෂණ වෙමින් පවතින කාලයේදීම මෙම එන්නත රටට ගෙන්වීම සඳහා කිසිදු පියවරක් අනුගමනය නොකරන බවට පාර්ලිමේන්තුව හමුවේ අමු කෙබරයක් අතහැරියේය. එහෙත් ඒවන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැනුම්දීම අනුව අදාල ලියකියවිලි සම්පූර්ණ කිරීම මෙරට බලධාරීන් සිදුකර තිබිණි. මේ රටේ සමස්ථ ජනතා වෙනුවෙන් කොවිඩ් එන්නත ලබාදීමට එය මිළදී ගත යුතුව තිබේ. එසේම මෙම එන්නත් ගබඩා කරගැනීම වෙනුවෙන් ශීතාගාර පද්ධතියක් සැකසිය යුතුව තිබේ. ලෝකයෙන්ම එන්නත්කරණය සම්බන්ධ විශිෂ්ටතම වැඩපිළිවෙලක් තිබෙන රටක් වන ශ්‍රී ලංකාවට මෙම එන්නත් කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා අලුත් වැඩපිළිවෙලක් අවශ්‍ය නොවුණත් ප්‍රාදේශීය වශයෙන් ඒවා බෙදාහැරීම සහ ගබඩා කිරීම වෙනුවෙන් වන යටිතල පහසුකම් සැකසීමටද සිදුව තිබේ. එම එන්නත මිලදී ගැනීම සඳහා සහ අනෙක් යටිතල පහසුකම් වෙනුවෙන් රුපියල් බිලියන සිය ගනනක් වැය කිරීමට සිදුව තිබේ. එහෙත් එම මුදල් කන්දරාව ශ්‍රි ලංකාව වැනි රටකට දැරීම අපහසු බව මෝඩයෙක් නොවන ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි දෙයකි.

එසේ නමුත් සල්ලි තිබුණා කියා අපට එන්නත මිළදී ගැනීමේ අවසරයක් නැත. අප ලබාගත යුත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද එන්නත පමණි. දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමතකර ඇත්තේ 'ෆයිසර්' නම් එන්නත පමණි. ඇන්කා සෙනිකා එන්නත ඇතුළු තවත් එන්නත් විශාල ප්‍රමාණයක් ලෝකයේ රටවල් කිහිපයක් විසින් නිශ්පාදනය කර ඇත්තත් ඒවාට අනුමැතිය තවමත් පූර්ණ ලැබී නැත.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ලබා ගැනීමේ ආර්ථික අපහසුකම් ඇති රටවල් වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබෙන සහනදායි වැඩපිළිවෙල යටතේ මෙරට ජනගහණයෙන් සියයට 20 ක් ප්‍රමාණයට එන්නත නොමිලයේ ලැබීමට නියමිතය. පසුගියදා ශ්‍රී ලංකාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන මෙම එන්නත ලබාගැනිම සඳහා වන සියලු කටයුතු අවසන් කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ඉංදියාව තුල නිශ්පාදනය කරන ඇන්කා සෙනිකා එන්නත විය හැකිය. එය තීරණය කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය මිසක් මෙරට බලධාරීන් නොවේ. ඉංදියානු එන්නත, ශ්‍රී ලංකාවට නිර්දේශ වන්නේ එය ආසියානුවන්ට ගැලපෙන විශේෂ තත්වයන් යටතේ නිශ්පාදනය වීමත් පදනම් කරගෙන වීම නිසාය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් වෙනුවෙන් පත්කර තිබෙන දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය නියෝජිතයා ලෙස පත්කර සිටින විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ තිබූ පරිදි මෙම එන්නත මාර්තු මාසය වන විටවත් මෙරටට ලබාගැනීමේ හැකියාව ඇති බව පවසා තිබිණි. ඊයේ (18) ඇමැති ජී එල් පීරිස් ප්‍රකාශ කළේ පෙබරවාරී මැදභාගය වන විට එන්නත මෙරටට ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවය.
ඒ අනුව මේ එන්නත ඉන්දියාවෙන් ලබා ගන්නේ කොමිස් ජාවාරමක් වෙනුවෙන් බවට ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නැත.

ලෝකය පුරාම ඖෂධ ව්‍යාපාරය හා බැඳුනු මහා ජාවාරමක් තිබෙන බව ඇත්තකි. මෙරට තුලත් එහෙම ජාවාරම්කාරයන් සිටිති. එහෙත් ඒවා පදනම්කරගෙන මේ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ලංකාවට නොමිලයේ ලබාදෙන එන්නත් සම්බන්ධයෙන් කොමිස් ජාවාරමක් ඇති බව තහවුරු කිරීමට ගන්න ජඩ උත්සාහය අතිශය නින්දා සහගත බව පැහැදිලිවම කිව යුතුය. මේ විපක්ෂය වැටී තිබෙන බංකොලොත් තත්වයයි.

සමාජ මාධ්‍යවල එක එකා පළ කරන පට්ටපල් බොරු උපුටා දක්වමින් ඒවා රට ගිණි තියන ප්‍රවෘත්ති ලෙස නිර්මාණය කරමින් ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ ප්‍රචාරක මාධ්‍යයන් මේ ගෙන යන තක්කඩි වැඩපිළිවෙළවල් මේ රටේ ජනතාව හෙළා දැකිය යුතුය. කොවිඩ් මර්දනය උදෙසා විශාල කැපකිරීමක් වියදමක් සහ මඩ අවලාද අති විශාල ප්‍රමාණයක් ඉවසාගෙන ආණ්ඩුව එය සාර්ථකව කරමින් තිබේ. ඒ පැසසිය යුත්තකි. එය ලෝක සෞඛ්‍ය සංවිධනයේ පවා පැසසීමට ලක්ව තිබෙන්නකි. වෙනත් රටවලට සාපේක්ෂව ලංකාව සිටින්නේ ජයාග්‍රහී තැනකය. මෙය විපක්ෂයට ඉවසා ගැනිමට නොහැකි බව ඔවුන් රජයේ කටයුතු කඩාකප්පල් කිරීම වෙනුවෙන් දැනුවත්ව කරමින් සිටින කෂඩ වැඩ අනුව වඩාත් පැහැදිලිය.

not

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us