හුදකලා කළ ප්‍රදේශවලට විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්  

Published in පුවත්
Tuesday, 19 January 2021 11:59

සති දෙකකට වඩා හුදකලා කර ඇති ප්‍රදේශවල පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත් ගෙවීම සදහා මාස 6ක සහන කාලයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේනවා.

විදුලි බිල්පත් නිරවුල් කිරීම සදහා බිල්පත් දිනයේ සිට මාස 6ක සහන කාලයක් ගෘහස්ථ, වාණිජ සහ කාර්මික විදුලි පාරිභෝගිකයින්ට ලබා දීමට නියමිත අතර ඒතෙක් එම පාරිභෝගිකයින්ගේ විදුලි සැපයුම විසන්ධි නොකෙරේ.

මීට අමතරව ජාතික චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි සිනමා ශාලාවල පසුගිය වසරේ මාර්තු මස සිට දෙසැම්බර් මස දක්වා වන විදුලි බිල්පත් දිනයේ සිට සමාන වාරික 12කින් ගෙවා අවසාන් කිරීම සදහා අවස්ථාව සලසා දී ඇති අතර එ‌තෙක් විදුලි සැපයුම විසන්ධි නොකෙරේ.

මේ අතර සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නවාතැන්පොළවල්වල ද පසුගිය මාර්තු පළවැනිදා සිට මෙම වසරේ පෙබරවාරි මස 28 වැනිදා දක්වා එකතු වී ඇති විදුලි බිල්පත් සමාන වාරික 12කින් නිරවුල් කිරීම සදහා අවස්ථාව ලබාදීමට නියමිතයි. එම නවාතැන්පොළවල්වල ද විදුලිය එතෙක් විදුලි සැපයුම් විසන්ධි නොකෙරේ.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us