වීන කොවිඩ් එන්නත ලබා ගැනීමට රජය උනන්දු වේ.

Published in පුවත්
Tuesday, 12 January 2021 10:30

කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් චීනය මගින් මෙරටට ලබා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධ සාකච්ඡා ආරම්භ වී තිබේ.

මේ සඳහා වූ විශේෂ සාකච්ඡාවක් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන සහ චීනයේ වාණිජ අමාත්‍යාංශයේ සාමාජිකයන් අතර පවත්වා ඇත.

කොළඹ චීන තානාපති කාර්යාලය අනාවරණය කරන ආකාරයට චීනය කොරෝනා වෛරසයට එරෙහිව අත්හදා බලමින් සිටින ප්‍රමුඛතම එන්නත නිපදවා සිනොවැක් බයෝටෙක් (Sinovac Biotech) සමාගමේ නියෝජිතයන්ද මෙම සාකච්ඡාවට එක්ව තිබේ. එන්නත ලංකාවට ලබා ගැනීමේ ක්‍රියාවලිය සහ එන්නතෙහි වර්තමාන තත්ත්වය පිළිබඳව මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡාවූ බව චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

සිය කොවිඩ් එන්නත පිළිබඳ ඉන්දුනීසියාව ආශ්‍රිතව කළ අවසන් අත්හදා බැලීම්වලදී 97%ක සාර්ථකත්වයක් අත් කරගෙන ඇති බවද සිනොවැක්ස් බයෝටෙක් සමාගම පසුගිය දෙසැම්බර් දෙවැනි සතියේ නිවේදනය කළේය.

එන්නතේ අවසන් සායනික පරීක්ෂණ පිළිබඳ වාර්තා චීන රජය මෙතෙක් නිලවශයෙන් නිකුත් කර නැති නමුත් එම එන්නත මේ වන විටත් හදිසි භාවිතය වෙනුවෙන් චීනය පුරා යොදාගනී.

කෙසේ නමුත් මෙම නව එන්නත මෙරට භාවිතාව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි විය යුතුය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us