පළාත් සභා කඩිනමින් පැවැත්විය යුතුයි ! දේශපාලන පක්ෂ රැසක් කොමිසමෙන් ඉල්ලයි  

Published in පුවත්
Tuesday, 12 January 2021 11:34

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවට දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (11 වැනිදා) දැනුම් දී තිබේ.

ඊයේ පෙරවරුවේ මැතිවරණ කොමිසම් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිෂන් සභා නියෝජිතයන් සහ දේශපාලන පක්ෂ ලේකම්වරු ද කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයෝ සිව් දෙනාද සහභාගි වී ඇත.
දේශපාලන පක්ෂ 70ක පමණ නියෝජිතයන් සහභාගී වූ මෙම සාකච්ඡාව, නව මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරු සමග පැවැති පළමු සාකච්ඡාව මෙය බවයි සදහන් වන්නේ. නමුත් ඇතැම් මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගි නොවූ බවත් වාර්තා වේ.

එහිදී ආණ්ඩු පක්ෂය,සමගි ජන බලවේගය ඇතුළු සාකච්ඡාවට පැමිණි බහුතර දේශපාලන පක්ෂ නියෝජිතයන් පවසා ඇත්තේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි. ජනතා විමුක්ති පෙරමුණ සහ ඊ.පී.ඩී.පී. ආදී දේශපාලන පක්ෂ කිහිපයක් පළාත් සභා මැතිවරණය පිළිබඳ අදහස් දැක්වීමෙන් වැළකී සිට ඇත.
පළාත් සභා පනතට අනුව පළාත් සභා ක්‍රියාත්මක බවත්,එය මහජන නියෝජිතයන් නොමැතිව තවදුරටත් ක්‍රියාත්මක බැවින්,නියෝජිතයන් පත් කිරීම සඳහා මැතිවරණය පැවැත්වීමට පාර්ලිමේන්තුවේ මැදිහත්වීම අවශ්‍ය බව කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

ඇතැම් දේශපාලන පක්ෂ ගිණුම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට මෙතෙක් ඉදිරිපත් නොකිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණි.

එහිදී මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයන් කියා සිටියේ ගිණුම් වාර්තා ප්‍රමාද කරන දේශපාලන පක්ෂවලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

මේ දිනවල ඡන්ද හිමි නාමලේඛන සකස් කරමින් පවතින බැවින්, එම නාම ලේඛනයට නම් ඇතුළත් කර නොමැති අයගේ නම් ඇතුළත් කිරීම සඳහා දේශපාලන පක්ෂවලටද සිය පාක්ෂිකයන් දැනුවත් කර ඊට මැදිහත් වීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ ලේකම්වරුන් දැනුවත් කළේය.

මැතිවරණ කටයුතු සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව මැතිවරණ නිරීක්ෂකයෝ මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us