ශානි අබේසේකර අද පාස්කු කොමිසමට

Published in පුවත්
Tuesday, 19 January 2021 09:21

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදුකරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අද (19) දිනයේ පළමු වරට සාක්ෂි ලබාදීමට නියමිතව තිබේ.

පසුගියදා හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට කොවිඩ් නයින්ටීන් වෛරසය අසාදනය වීම හේතුවෙන් කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණීමට හැකියාව ලැබී නැහැ. මොහු ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන අවසන් සාක්ෂිකරු ද විය හැකි බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් අද දිනයේ මොහු කොමිසම හමුවට ඉදිරිපත් කරනු ඇත.

පාස්කු කොමිසම අද දිනයේ රැස්වන අතර මෙම මස 31 වන දිනෙන් එහි කාලය අවසන් වීමට නියමිතයි.

ඒ අනුව කොමිසමේ සාමාජිකයින් මේ වන විට සිය අවසන් වාර්තාව සකස් කරමින් සිටින බව ද කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර තවත් සාක්ෂිකරුවන් කිහිපදෙනෙකු අද උදෑසන කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත බවයි ආරංචි මාර්ග කරන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us