දිනකට විදෙස් සංචාරකයන් 2550ක් දක්වා මෙරටට ගෙන්වීමට පියවර  

Published in පුවත්
Monday, 18 January 2021 10:18

දිනකට විදෙස් සංචාරකයන් 2550ක් දක්වා මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් එළැඹෙන බ්‍රහස්පතින්දා (21 වැනිදා) සිට ගුවන්තොටුපොළ යළි විවෘත කිරීමට රජය කටයුතු සංවිධානය වාර්තා වේ.

එමෙන්ම විදේශයන්හි සිරවී සිටින අය ලෙස ලියාපදිංචි වී ඇති ශ්‍රී ලාංකිකයන් පමණක් දිනකට 750ක උපරිමයක් යටතේ මෙරටට රැගෙන ඒමයි සැලසුම . අනෙක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මේ රටට පැමිණීම තවදුරටත් තාවකාලිකව අත්හිටුවා ඇත.

මීට අමතරව 21 වැනිදා සිට වෙනම මාර්ගෝපදේශ මාලාවක් යටතේ ව්‍යාපාරික අරමුණ වෙනුවෙන් මෙරටට පැමිණෙන්නන්ටද අවසර ලැබේ. තෝරාගත් හෝටල්වලින් පිටතට නොයන ජෛව බුබුළක් යටතේ ව්‍යාපාරික රැස්වීම් හා හමුවීම් පැවැත්වීමට ඔවුන්ට අනුමැතිය ලබාදීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර තිබේ. එසේම පෞද්ගලික ජෙට් යානාවලින් මෙරටට පැමිණීමට අවසර ලත් පිරිසකට හැකියාව ලැබෙන අතර එම ජෙට්යානා ගොඩබෑම වෙනුවෙන් රත්මලාන ගුවන්තොටුපොළ භාවිත කිරීමටයි රජයේ සැලසුම.

මෙලෙස පැමිණෙන සියලු දෙනාට PCR පරීක්ෂණය අනිවාර්ය අතර , ජෛව ආරක්ෂණ බුබුළක් (Bio Security Bubble) යටතේ කොවිඩ් 19 කාර්ය සාධක බළකාය අනුමත කරන ලද හෝටල්වල සංචාරකයන්ට රැඳී සිටිය හැකිය.එසේම නිශ්චිත නිරෝධායන කාලසීමාවකින් අනතුරුව සංචාරක සංවර්ධන අධිකාරිය නිර්දේශ කරන ස්ථානවල පමණක් සංචාරය කළ හැකි බවයි වාර්තා වෙන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us