News Items (18842)
මීගමුව කොටුව ක්‍රීඩාංගණය අසළ නිෂ්පාදනය කරන ඇතැම් කරවල ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වී තිබේ.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉතාලියේ ශ්‍රි ලංකිකයන්ගේ රියදුරු බලපත්‍ර ගැටලුවට මේ ආණ්ඩුවෙනුත් විසඳුමක් නැහැ.
ඉතාලියේ ඉතාලියේ ස්ථීර පදිංචිය ශ්‍රී ලාංකිකයන්ට කලකට පෙර මෙරට වලංගු රියැදුරු බලපත්‍රය භාවිතා කරමින එරට වාහන ධාවනයේ යෙදීමේ අවසරය ලැබී තිබිණි. නමුත් වසර තුනක පමණ කාලයක සිට මෙරට බලපත්‍රය ඉතාලියේ පාවිච්චි කිරීමේ අවසරය යළි අහිමිව ඇත. මේ නිසා ඉතාලියේ රියැදුරන් ලෙස රැකියාව කළ පිරිසකට රැකියා අහිමි විම සහ තම ප්‍රවාහනය වෙනුවෙන් පෞද්ගලික වාහන පාවිච්චි කළ බොහෝ පිරිසකට එම වාහන ගෙදර තබා පයින් යෑමට සිදුව තිබේ.
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (2) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 85,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ අද පස්වරුවේ පැවසීය.
උසස් පෙළ සිසුන් පාසැලෙන් ඈත් වීම ගැන සොයා බැලිය යුතුයි - හරිනී
උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ලුණු මෙට්‍රික්ටොන් 20,000ක් ආනයනය කිරීමට හෙට සිට ටෙන්ඩර් විවෘතයි
ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව (STC) හරහා ලුණු මෙට්‍රික්ටොන් 20,000ක් ආනයනය කිරීම සඳහා හෙට (03) සිට ටෙන්ඩර් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
ඇමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක් - පුද්ගලයින් 15 ක් ජීවිතක්ෂයට ! තවත් පිරිසකට අසාධ්‍යයි
ඇමෙරිකාවේ නිව්ඕලන්ස් ජනපදයේ බර්බන් වීදියට විශාල පිරිසක් රැදී සිටි ස්ථානයකට ට්‍රක් රථයක් කඩා වැදී එහි සිටි පුද්ගලයින් 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව අද සිට යලි ඇරඹේ
උතුරු මුහුදු සීමාවේ පසුගිය කාලයේ පැවති අයහපත් කලගුණික තත්ත්වය හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව අද (02) සිට යළි ක්‍රියාත්මකයි.
කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රහයෙන් ඉදිකළ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය අපේක්ෂා රෝහලේ දී අද විවෘත වේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුළු හා රුධිර ජනන සෛල බුද්ධකිරීමේ ඒකකයක් මහරගම අපේක්ෂා රෝහලේ දී අද (02) විවෘත කෙරුණි.
සුරාබදු දෙපාර්තමේන්තුව හඳුන්වා දීමට යන අඩු මිල මත්පැන් බෝතලය ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් වත්මන් රජයේ ප්‍රතිපත්තියට පටහැනි යැයිද මත්පැන් කර්මාන්තයටම පමණක් යහපතක් සිදුවන එම ප්‍රතිපත්තිය ගැන නැවත සලකා බලන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදයකුමාර මහතාට ලිපියක් යොමු කර ඇත.
