අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තෝරා ගත්‌ භාණ්ඩ වර්ග 63 ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමෙන්‌ තොරව අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා ගැසට්‌ නිවේදනයක්‌ පෙරේදා (31) නිකුත්‌ කළ බව මුදල්‌, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමත්‍යංශය පැවසීය.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.

අද කොහොමද

Published in පුවත්
Wednesday, 01 January 2025 08:25

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නව වසරේ රාජකාරී ආරම්භ කරන අද (01) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ.

2024 වසරේ ලබාගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" සැමට උරුම කර දීම වෙනුවෙන් 2025 නව වසරේ දී අධිෂ්ඨාන කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

2025 නව වසර ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදාවුණි.

එළඹෙන 2025 වසරේ ලෝකයට ජයග්‍රාහී අනාගතයක් නිර්මාණය කිරීම සදහා සියලු රටවල් සමග එක්ව කටයුතු කරන බව චීනය පවසයි. නවීකරණ සමාජවාදී රටක් ලෙස චීනය නිර්මාණය කරමින් එම සංවර්ධනය ලෝකය සමග හුවමාරු කර ගැනීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් කියාසිටී.

රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසරේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ දිනය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

සැමන් සඳහා පනවා ඇති වැට් බද්ද අඩු කරන ලෙස ශ්‍රී ලංකා ටින් මාළු නිෂ්පාදකයිනගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

Connet With Us