කෘෂි සහ ධීවර කර්මාන්ත රැකගන්න ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් පවත්වා ගනී  

Published in පුවත්
Wednesday, 01 January 2025 20:07

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තෝරා ගත්‌ භාණ්ඩ වර්ග 63 ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමෙන්‌ තොරව අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා ගැසට්‌ නිවේදනයක්‌ පෙරේදා (31) නිකුත්‌ කළ බව මුදල්‌, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමත්‍යංශය පැවසීය.

පරිප්පු, සුදු සීනි, අර්තාපල්‌, ලොකු ලූණු, රතු ළූණු, පොල්තෙල්‌, එළවළු තෙල්‌, ටින්‌ මාළු සහවියළි මිරිස්‌ ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩ 63 ක්‌ බදු අනුප්‍රමාණයන්‌ සංශෝධනයකින්‌ තොරව පවත්වමින්‌ භාණ්ඩ මිල ඉහළ යෑම වැළැක්වීම බලාපොරොත්තු වන බව ද එම අමාත්‍යංශය සඳහන්‌ කළේය.

දේශීය කෘෂි සහ ධීවර කර්මාන්තය ආරක්‍ෂා කිරීමේ අරමුණින්‌ සහල්‌, උඳු, මුංඇට, බඩ ඉරිඟු, කුරක්කන්‌, කහ, පළතුරු වර්ග, මාළු සහ කරවල යන ආභාර වර්ගවල බදු අනුප්‍රමාණයන්‌ ද එළෙසම පත්වාගෙන යෑමට පෙරේදා (31) නිකුත්‌ කළ ගැසට්‌ නිවේදනයෙන්‌ පියවර ගත්‌ බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත්‌ කීය.

 

lankadeepa

Last modified on Wednesday, 01 January 2025 20:08

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us