News Items (18842)
නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයට රික්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇතිව තිබේ.
මින් ඉදිරියට බස් රථ ධාවනය කිරීමේදී කොන්දොස්තරවරයාට පාපුවරුවේ ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පැවැසීය.
දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
රටින් ආ තැපැල් පාර්සල් 60කට අධික ප්‍රමාණයක් අතුරුදන්
තැපැල් දෙපාර්තමේන්තුවට පසුගිය මාස දෙකක පමණ කාලයේ දී විදේශයන්ගෙන් ලැබුණු පාර්සල් හැටකට අධික ප්‍රමාණයක භාණ්ඩ මේ වන විට අතුරුදන් වී තිබෙන බව එහි ආරංචි මාර්ග අනාවරණය කළේය.
නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව අද (07) රැස්වීමට නියමිතව තිබේ.
තණකොළ කැපීමට භාවිතා කරන මැෂිමක යකඩ දැත්තක් කැඩී ගොස් පුද්ගලයෙකුගේ හිසෙහි වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල අද (07) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දේශීය ආදායම් ඉතිහාසයේ වැඩිම බදු ආදායම රැස් කළ කතාවේ ඇත්ත නැත්ත
දේශීය ආදායම් ඉතිහාසයේ වැඩිම බදු ආදායම රැස් කළ බවට සඳහන් කරමින් කොමසාරිස් ජනරාල්ගේ ලිපියක් පසු ගිය දිනවල මාධ්‍ය තුළ පළවුණී.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ආයතනය තුළ බරපතල අප්‍රසාධයක් සහ කැළඹීමක් හටගෙන තිබේ.
සුප්‍රීම් ටීවි, ගෝලීය රූපවාහිනී වැඩසටහන් රැසක් ගෙන එමින් චැනල් නිවුස් ඒශියා (CNA ) සමගින් එක්වෙයි.
ජාත්‍යන්තර වැඩසටහන්, ප්‍රවෘත්ති හා විශේෂාංග වැඩසටහන් වල සුපිරි අත්දැකීමක් දේශීය ප්‍රේක්ෂකාගාරයට එක් කිරීමේ හා ගෝලීය ප්‍රවණතා පිළිබඳව දේශීය ප්‍රේක්ෂකයා බද්ධ කිරීමට මෙරට ඉතා කෙටි කලෙකින් විශාල ප්‍රේක්ෂක අවධානය දිනාගත් සුප්‍රීම් රූපවාහිනි නාලිකාව 2025 ජනවාරි මස සිට චැනල් නිවුස් ඒශියා (CNA ) මාධ්‍ය ජාලය සමගින් අවබෝධතා ගිවිසුමකට එළැඹී තිබේ.
