දේශීය ආදායම් ඉතිහාසයේ වැඩිම බදු ආදායම රැස් කළ කතාවේ ඇත්ත නැත්ත   Featured

Monday, 06 January 2025 22:15

දේශීය ආදායම් ඉතිහාසයේ වැඩිම බදු ආදායම රැස් කළ බවට සඳහන් කරමින් කොමසාරිස් ජනරාල්ගේ ලිපියක් පසු ගිය දිනවල මාධ්‍ය තුළ පළවුණී.

25.1% ට වැඩ ආදායම් වර්ධනයක් ලබා ගත් බව කියවෙන මෙම ලිපියේ අඩංගු දත්ත වැඩි දුර විශ්ලේෂණය කිරීමට අප කල්පනා කළේ එම බදු ආදායම එකතු කර දීමට අපත් දායක වී ඇති බැවිනි.

කොමසාරිස් ජනරාල්ගේ ලිපියට අනුව 2024 වසරේ ඉපැයූ සමස්ත ආදායම ඉදිරියේ (*) ක් යොදා දළ දත්ත යනුවෙන් ලියා තිබුණත් (හාස්‍යට කරුණකි) එම දත්ත නිවැරදි යැයි අනුමාන කර පහත අදහස් දක්වන්නේ පාඨක ඔබට සිතීමට යමක් ඉතිරි කරමිනි.

1) ඉහත ආදායම් වැඩිවීමට, 2024 වසරේ වට බද්ද 15% සිට 18% දක්වා 3% ඉහළ යාම ( බදු බලපෑම රු මි 151,756 – නැවත ගණනය කර බලන්න),

2) සමාජ ආරක්ෂණ බද්ද – SSCL, උපයන විට ගෙවන බද්ද – PAYE සහ VAT බද්ද සඳහා Threshold (බද්ද ගෙවීමට යටත් වන සිමාව) පහළ යාම යන කරුණු ඍජුවම බල පෑ බව නොරහසකි.

3) දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නන් විසින් 2025 වසරේ මුල් කාර්තුවට ගෙවීමට තිබෙන බදු මුදල් සුහදව කතා කර 2024 අවසාන මාසයට ලබාගැනීම.

ඉහත කරුණු සලකා බලද්දී ඇත්තටම බදු දෙපාර්තමේන්තුව කළේ මොනවද ? විශාල සේවක පිරිසක්, දිරි දීමනා ලබයි, වෙනත් වරප්‍රසාද ලබයි, ඉන්ධන වාහන දීමනා ලබයි. මහජන මුදල් නේද? එහෙනම් මේ බදු ගෙවන්නන් ස්වේච්ඡාවෙන් ගෙවූ මුදල් නේද ?

ඉබේ එකතු වූ බද්ද තමන් එකතු කළ බව කීම ලැජ්ජාවට කරුණක් නොවන්නේද ? 2024 වසර සඳහා ලබාදුන් ඉලක්කයවත් 100% ලබාගෙන නැහැ නේද ? තමන්ගේ විශාල අඩුපාඩු රැසක් මුළු රටම දැනගනිමින් සිටිද්දී මෙහෙම පුරසාරම් කතා කීම නිසා තවත් කතා බහට ලක්වෙනවා.

තවත් හොඳින් කරුණු සොයා බැලීමේ දී රුපියල් මිලියන 1,958, 088 ක් නොව එමෙන් දෙගුණයක් පමණ ආදායම් සෙවීමට දෙපාර්තමේන්තුවට ඉඩකඩ තිබුණු බව දැනගන්න ලැබුණි. නමුත් එය සිදු වූයේ නැත. ඒ එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සෙල්ලම් නිසාය.

අප දන්නා තරමින් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරු දෙනෙනෙක් සිටි. ඒ ප්‍රධාන ගොඩනැගිල්ලේ සහ නාරාහේන්පිට ආශ්‍රිත බදු කාර්යාලයේය.

සමහර බදු ගෙවන්නන් හිඟ බදු සඳහා වාරික ගෙවීම් ලබාගැනීමටත් අත යට මුදලක් දී දඩ සහන ලබාගැනීමටත් වැඩි පුරම යන්නේ නාරාහේන්පිට – කොමසාරිස් ජනරාල් ළඟටය. එම නිලධාරියා හිඟ බදු සහිත විස්තර පරිගණකයෙන් ලබාගෙන බදු ගෙවන්නට පුද්ගලිකව කතා කර බියවද්දා මුණගැසී ගාන කතාකර සහන ලබා දීම සිදු වෙන බව කසුකුසුවක් ද තිබේ. හෙට අනිද්දා විශ්‍රාම යාමට නියමිත මෙම නිලධාරියාට උඩින් වෙන කිසිදු නිලධාරියකු නොමැති නිසා හිඟ බදු එකතු කරන අංශ වල නිලධාරීන් දැඩි අපහසුවකට පත් ව ඇති බවත් දැන ගැනීමට ඇත. මේ තත්වය ඇත්ත නම් බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීම සිදු නොවීම පුදුමයක් නොවේ.

IMF පුන පුනා කියනුයේ විශාල ආදායම් උපදවන්නන්ගෙන් වැඩි බදු එකතු කරන ලෙසය. 2024 දී වයස 18 වැඩි සියළු දෙනාට බදු ලිපි ගොනු විවෘත කළ ද එයින් සිදු වූ දෙයක්ද නැත. එසේම බදු එකතු කිරීමට සදහා පැහැදිලි සැලසුමක් වැඩපිළිවෙලක් ද ඇත්තේ නැත.

ඒ අතර රජයත්, මුදල් අමාත්‍යංශයත් නොමග යවමින්, ඒ ඒ වෙලාවට ලබා දෙන ලබන වාර්තා සත්‍යම නොවන බවත් දන්නෝ දනිති.

නිවැරදිව, බදු ගෙවිය යුතු අයගෙන් බදු එකතු කර තිරසාර බදු ගෙවන සමාජයක් ගොඩනැගීම දෙපාර්තමේන්තුව සතු කාර්ය භාරය වුවත් බොරු පම්පෝරි ගසමින් මිනිසුන් නොමග ඇරීමට කටයුතු කළත් සියලු දෙනාම මෝඩයෝ නොවන බව මේ නිලධාරීන් ඇතුළු සියලු වගකිව යුත්තන් දැනගත යුතුය.

(දේශපාලන වාර්තාකරු)
1 d33302537d

Leave a comment

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us