News Items (18842)
පානදුර ප්‍රසිද්ධ හෝටලයකින් මිල දී ගත් මාළු පාන් ගෙඩියක තිබී ලයිටරයක කොටස් හමුව තිබේ.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර 16යි. දැන්වත් යුක්තිය ඉටු කරන්න – සජිත්
රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට 2025 ජනවාරි 08 වන දිනට වසර 106ක් සම්පූර්ණ වේ.
මේ වසරේ මැද භාගය වනවිට මෙරට උද්ධමනය ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
උතුරු මැද පළාතේ 11 ශ්‍රේණියේ අවසාන වාර විභාගයේ සියලුම විෂයයන් ජනවාරි 27 වැනිදා සිට නැවත පවත්වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් දැනුම්දී තිබෙනවා.
චීනයට අයත් ටිබෙට් රාජ්‍යයේ ෂිගස්තේ නගරයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් ආපදාවන්ට ලක් වූ ප්‍රදේශ වෙත චීන මධ්‍යම රජය විසින් සපයන ලද ප්‍රථම සහන සැපයුම් තොගය ළඟා වී තිබේ.
පරම්පරා පහකට ආසන්න පිරිසක් විසින් රැකගෙන එන “කොත්මලේ බෙර, දවුල් හා වංගෙඩි” කර්මාන්තය රැකගැනීමට සහාය ලබාදෙන ලෙස ගම්පොළ වැළිගඟ ගම්මානයේ කර්මාන්තකරුවෝ රජයෙන් ඉල්ලා සිටිති.
චීනයෙන් ආනයනය කර නිදහස් කර නොගත් කන්ටේනර් හතරක ගබඩා කර තිබූ අල (අර්තාපල්) කිලෝ ලක්ෂයක (මෙට්‍රාක්ටොන් 100 ක්) පමණ තොගයක් අඩු ලංසුවකට අළෙවි කර රජයට රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් කර ඇති බව වරාය අධිකාරී ආරංචි මාර්ග සඳහන් කරයි.
සමාජ පරිවර්ථනයක් උදෙසා ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතුයි - හරිනි
සමාජ පරිවර්ථනයක් උදෙසා ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතු බවත් එය පැය 24කින් සිදුකළ හැකි ක්‍රියාවලියක් නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසන්නීය.
වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසුව ඉන්දීය ධීවරයන් මෙරට උතුරු මුහුදු සීමාව ආක්‍රමණය කිරීමේ ප්‍රවණතාව වැඩි වී ඇති බව යාපනය ධීවර සංගම් චෝදනා කරයි.
ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් ලබන 20 වැනිදාට පෙර වහා නිදහස් කරන්න ! නැතිනම් ඵලවිපාක දරුණුයි - ට්‍රම්ප්ගෙන් තර්ජනයක්
හමාස් ග්‍රහණයේ පසුවන, ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලු දෙනා ලබන 20 වැනිදාට පෙර වහාම නිදහස් කළ යුතු බවටත්, හමාස්‌සංවිධානය එසේ නොකරන්නේ නම්, ඔවුන්ට දරුණු විදියේ ඵලවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවටත් ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කරයි.
