ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන්‌ ලබන 20 වැනිදාට පෙර වහා නිදහස් කරන්න ! නැතිනම් ඵලවිපාක දරුණුයි - ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

Published in විදෙස්
Wednesday, 08 January 2025 10:21

හමාස්‌ ග්‍රහණයේ පසුවන, ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන්‌ සියලු දෙනා ලබන 20 වැනිදාට පෙර වහාම නිදහස්‌ කළ යුතු බවටත්‌, හමාස්‌සංවිධානය එසේ නොකරන්නේ නම්‌, ඔවුන්ට දරුණු විදියේ ඵලවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවටත්‌ ඇමෙරිකන්‌ ජනාධිපති ධුරයට තේරී පත්‌ වී සිටින ඩොනල්ඩ්‌ ට්‍රම්ප්‌ තර්ජනය කරයි.

ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත්‌ වී මිටින ට්‍රම්ප්‌, ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස දිවුරුම්‌ දෙන්නේ ලබන 20 වැනිදාය.
ට්‍රම්ප්‌ හමාස්‌ සංවිධානයට පවසා ඇත්තේ, එදින වනවිට ප්‍රාණඇපකරුවන්‌ නිදහස්‌ නොකරන්නේ නම්‌, හමාස්‌ සංවිධානයට තමන්ගෙන්‌
කිසිදු සමාවක්‌ නොලැබෙනු ඇති බවය.

'මා දන්නවා මේ වනවිට ඊශ්‍රායල රජයත්‌, හමාස්‌ සංවිධානයත්‌ අතරේ ප්‍රාණඇපකරුවන්‌ මුදා ගැනීමට සාකච්ඡා පැවැත්වෙනවා.

ප්‍රාණඇපකරුවන්‌ 34 දෙනකු මුදා හැරීමට හමාස්‌ කැමැත්ත පළ කර තිබෙනවා. ඒත්‌ එහෙම බැහැ. මා ජනපති ධුරයේ දිවුරුම්‌ දෙන්න
කලින්‌ ප්‍රාණඇපකරුවන්‌ සියලුම දෙනා නිදහස්‌ කිරීමට හමාස්‌ වගබලාගත යුතුයි' යැයි ට්‍රම්ප්‌ පැවැසුවේ ෆ්ලොරීඩාවේ, සිය මාර්‌ ආ ලාගෝ මන්දිරයේ සිට මාධ්‍ය හමුවකට එක්‌ වෙමිනි.

ට්‍රම්ප්‌ මැදපෙරදිග කලාපයට විශේෂ නියෝජිතයකු ලෙස ස්ටීවන්‌ චාල්ස්‌ විට්කෝෆ්‌ පත්‌ කර ඇති අතර, විට්කෝෆ්‌ මැදපෙරදිග සංචාරයක්‌
අවසන්‌ කර මේ වනවිට යළි ඇමෙරිකාව බලා පැමිණ සිටී. විට්කෝෆ්‌ මැදපෙරදිග කලාපයට ගියේ ට්‍රම්ප්ගේ උපදෙස්‌ අනුව, ඊශ්‍රායල
හමාස්‌ අර්බුදය ගැන සොයා බැලීමටය.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us