කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පුරප්පාඩු පිරවීමට රජයේ අවධානය!

Published in පුවත්
Monday, 06 January 2025 12:35

කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සේවයේ පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු කරන අතර එම පුරප්පාඩු පුරවා ගොවි ජනතාව ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රෙය් ව්‍යවසායකයන් වෙනුවෙන් උපරීම සේවය ලබා දෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි.

විශේෂයෙන්ම රජයට සම්බන්ධ පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධාරීන්ගේ හිගය කැපී පෙනෙන බැවින් හැකි ඉක්මණින් එම කටයුතු සම්පූර්ණ කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ගොවි ජනයා රැක ගැනීම වත්මන් රජයේ මූලික අරමුණ වන හෙයින් ඒ වෙනුවෙන් රජය සෑම විටම කටයුතු කරන බව හෙතෙම කියාසිටියි.මේ අතර වී අලෙවි මණ්ඩලය වැනි ආයතන යළි සක්‍රීය කොට මහජනතාව වෙත සහන සැපයීමට කටයුතු යොදන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ පසුගියදා මහනුවර පැවති කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ ප්‍රගති සමාලෝචනයකට සහභාගී වීමෙන් අනතුරුරව මාධ්‍යට අදහස් දක්වමිනි.

 

-LNW

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us