සුප්‍රීම් ටීවි, ගෝලීය රූපවාහිනී වැඩසටහන් රැසක් ගෙන එමින් චැනල් නිවුස් ඒශියා (CNA ) සමගින් එක්වෙයි.  

Published in පුවත්
Monday, 06 January 2025 14:12

ජාත්‍යන්තර වැඩසටහන්, ප්‍රවෘත්ති හා විශේෂාංග වැඩසටහන් වල සුපිරි අත්දැකීමක් දේශීය ප්‍රේක්ෂකාගාරයට එක් කිරීමේ හා ගෝලීය ප්‍රවණතා පිළිබඳව දේශීය ප්‍රේක්ෂකයා බද්ධ කිරීමට මෙරට ඉතා කෙටි කලෙකින් විශාල ප්‍රේක්ෂක අවධානය දිනාගත් සුප්‍රීම් රූපවාහිනි නාලිකාව 2025 ජනවාරි මස සිට චැනල් නිවුස් ඒශියා (CNA ) මාධ්‍ය ජාලය සමගින් අවබෝධතා ගිවිසුමකට එළැඹී තිබේ.

මෙරට සීමාසහිත රසවින්දනයකට හා ගතානුගතික රූපවාහිනී වැඩසටහන් රාමුවකට සිරවී සිටින ප්‍රේක්ෂකාගාරය නවීන තාක්ෂණික හැඩතල හා පහසුකම් මත නිපැයු විවිධාකාර වැඩසටහන් වල අලංකාරීත්වය සමගින් සමායෝජනය කිරීමට සුප්‍රීම් නාලිකාව මෙම නව සැලසුම ඔස්සේ සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇත.

සුප්‍රීම් සමූහයේ සහ සුප්‍රීම් රූපවාහිනියේ සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා පවසා සිටියේ, " චැනල් නිවුස් ඒශියා (CNA ) සමග අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන අපි ඉතාමත් ආඩම්බර වනවා සේම අපි සතුටු වෙනවා , මෙම හවුල්කාරිත්වය දේශීය ප්‍රේක්ෂකයින් සඳහා ලෝකයේ නවතම ප්‍රවණතා, රූපවාහිනී අත්දැකීම් රාශියක් අත්විඳීමේ අවස්ථාව උදා කරන කවුළුවක් විවර කිරීමට සුප්‍රීම් නාලිකාව මෙම එකමුතුව හා සමත් වන අතර මෙරට දීපව්‍යාප්තව විසිරී සිටින බාළ තරුණ මහලු සියලුම රූපවාහිනී ප්‍රේක්ෂකාගාරයට ජාත්‍යන්තර තලයේ වැඩසටහන් මෙන්ම, ප්‍රවෘත්ති විකාශයන් ගේ අත්දැකීම ජනතාකරණය කිරීමට මේ හරහා ඉඩකඩ විවෘත වේ.”

චැනල් නිවුස් ඒශියා (CAN) ගැන සැකෙවින්

චැනල් නිවුස් ඒශියා - CNA යනු 1999 මාර්තු මාසයේදී සිංගප්පූරුවේ සහ ජාත්‍යන්තරව 2000 ඔක්තෝම්බර් මාසයේදී දියත් කරන ලද කලාප 29ක් පුරා ක්‍රියාත්මක වන විශ්වාසදායක ප්‍රවෘත්ති මූලාශ්‍ර සපයන රූපවාහිනී මාධ්‍ය ජාලයකි, මිලියන 90කට අධික නිවාස සහ ලොව සුප්‍රසිද්ධ හෝටල් කාමර ප්‍රමාණයක් ආවරණය කරමින් සිය ප්‍රේක්ෂකාගාරය ආමන්ත්‍රණය කරයි. ප්‍රධාන ආසියාතික අග නගර 13 ක කාර්යාංශ සහ මාධ්‍යවේදීන් 700 ක ශක්තිමත් ජාලයක් සමඟින් සිය රූපවාහිනී නිෂ්පාදන කටයුතු සිදු කරයි.

CNA හි වැඩසටහන් ආකෘතිය සැකසී ඇත්තේ පහත් පරිදිය:

• පුවත්: පැයෙන් පැය යාවත්කාලීන වන ආසියානු හා ගෝලීය පුවත් සම්පිණ්ඩනය
• ව්‍යාපාර: ආසියානු, ඇමරිකානු සහ යුරෝපීය වෙලඳපොලවල් හැසිරීම පිළිබඳව වඩාත් න්‍යායාත්මක හා විමර්ෂණාත්මක වාණිජ පුවත්.
• කාලීන වැඩසටහන්: සමාජ-ආර්ථික විශ්ලේෂණ.
• ජීවිතාශ්වාදනීය වැඩසටහන්: සංචාරක සහ වින්දනීය නේත්‍රාකර්ශණීය සති අන්ත වැඩසටහන්.

Asia First සහ Asia Tonight වැනි ජාත්‍යන්තර ප්‍රජාව ගේ සුවිශේෂී ප්‍රසාදයකට ලක් වූ වැඩසටහන් ගෝලීය සිදුවීම් පිළිබඳ ප්‍රේක්ෂකාගාරයට පුළුල් දැක්මක් ලබා දෙන අතර, Insight සහ In Conversation වැනි ගැඹුරු වැඩසටහන් හරහා ලොව ප්‍රබල සම්භාවනීය අමුත්තන් හා කෙරෙන සංවාද, සහ තියුණු විශ්ලේෂණයන් සිදු කෙරේ.

ගෝලීය වශයෙන් ඉතා ඉහළ පිළිගැනීමට ලක්ව ඇති CNA හි සම්මානලාභී ජාත්‍යන්තර ප්‍රමිතිගත නිෂ්පාදන රාශියක හිමිකාරීත්වය දරණ අතරම, විශ්වසනීය හා බලපෑම්කාරී ප්‍රේක්ෂකයින්ට වඩාත් නිවැරදි, හරවත් ප්‍රවෘත්ති අත්දැකීමක් සමීප කරවන ප්‍රමුඛ ජන මාධ්‍ය ජාලයක් ලෙස සිය සුවිශේෂී වූ සමාජස්ථානය තහවුරු කර ඇත.

SUPREME රූපවාහිනිය ගැන ගැන සැකෙවින්

Supreme යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ භෞමික සංඛ්‍යාත හරහා ජනතාව ආමන්ත්‍රණය කරන දීප ව්‍යාප්ත ආවරණයක් සහිත මාධ්‍ය ජාලයක් වන අතර, විනෝදාස්වාදය, ප්‍රවෘත්ති සහ සංස්කෘතික අන්තර්ගතයන් දක්වා විහිදෙන එහි නව්‍ය වැඩසටහන් සඳහා ඉඩකඩ වෙන් කර ඇති අවම කාලයක දී වැඩිම ප්‍රේක්ෂක ආකර්ශණයක් හිමිකර ගත් ජනප්‍රිය රූපවාහිනී සන්නාමයකි. සාම්ප්‍රදායික රූපවාහිනි රසාස්වාදන ආකෘතිය අතික්‍රමණය කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ වැඩසටහන් හා ජාත්‍යන්තර හවුල්කාරීත්වයන් සමගින් විශිෂ්ඨ තලයට ගෙන යාමට අනාගතවාදී දැක්මකින් කටයුතු කරන , කැපවී සිටින සුප්‍රීම් ටෙලිවිෂන් නිරන්තරයෙන්ම සිය ප්‍රේක්ෂකාගාරය පිළිබඳව සැලකිළිමත් වෙමින් යාවත්කාලීන වන්නේ, උපාය මාර්ගිකව මෙන්ම අර්ථාන්විත ලෙසින් සිය සන්නාමය වටා රොක් වන ප්‍රේක්ෂකාගාරයට හැකි සෑම විටෙකම ඉහළම ප්‍රමිතියේ රූපවාහිනී අත්දැකීමක් සමීප කරවීමේ අභිලාෂය සහිතවයි.

ශක්තිමත් හවුල්කාරීත්වයක වැඩිම වාසිය ප්‍රේක්ෂකාගාරයට

මෙම හවුල්කාරිත්වය මගින් ප්‍රේක්ෂකයන්ට පොහොසත් සහ ආකර්ෂණීය අන්තර්ගතයන් සැපයීම සඳහා SUPREME සහ CNA හට වඩාත් පුළුල් අවස්ථාවක් සැපයෙන අතර CNA හි විස්තීර්ණ ආසියානු වාර්තාකරණ ජාලය සුප්‍රීම් ටෙලිවිෂන් හි දේශීය ප්‍රවීණත්වය සමඟ ඒකාබද්ධ කිරීමෙන්, මෙම සහයෝගීතාවය සංස්කෘතීන් හා ද්වී පාර්ශවික අවබෝධය පෝෂණය කරන වඩාත් ධනාත්මක විකාශන අනාගතයක් සඳහා ජන මාධ්‍ය වේදිකාව සකසයි. SUPREME TV සෑම විටම එහි ප්‍රේක්ෂකයින් සඳහා නෙත්‍රාස්වාදයයෙන් ඔබ්බට ගොස්, ඉහළම

ගුණාත්මක දැනුම, සතුට , විනෝදය ඒකාබද්ධ කරමින් සුපිරි ජාත්‍යන්තර ප්‍රමිතියේ වැඩසටහන් මාලාවක් ප්‍රේක්ෂකයින්ට තිළිණ කිරීමට නිරන්තරයෙන් සූදානමින් සිටියි.

සාමාන්‍ය රූපවාහිනී විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් සාරවත් සහ සුවිශේෂී ගුණාත්මක බවින් යුත් වැඩසටහන් හරහා සැපයීමට මෙන්ම දේශීය ප්‍රේක්ෂකාගාරයට ගෞරවාන්විත ටෙලිවිෂන් අත්දැකීමක් සමීප කරවීමට සුප්‍රීම් නාලිකාව සූදානමින් සිටියි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us