මීගමුව කරවල ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වෙයි Featured

Published in පුවත්
Friday, 03 January 2025 08:13

මීගමුව කොටුව ක්‍රීඩාංගණය අසළ නිෂ්පාදනය කරන ඇතැම් කරවල ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වී තිබේ.

දකුණු පළාතෙන් මත්ස්‍යයන් ගෙනැවිත් මෙම ප්‍රදේශයේ කරවල සඳහා වේලන බවද මේ සඳහා අනවසර මෙවලම් භාවිතා කරන බවද චෝදනා එල්ල වී තිබේ.

මහින්ද ජයසිංහ හා සුගත් තිලකරත්න යන නියෝජ්‍ය ඇමතිවරුන් මීගමුව වෙරළ තීරය හා මීගමුව කොටුව ආශ්‍රිත කරවල වේලන ස්ථාන පසුගිය 31 වැනිදා නිරීක්ෂණයට ගිය අවස්ථාවේදී මේ බව අනාවරණය වී ඇත.

කරවල නිෂ්පාදනය කරන මුහුදු තීරය දැනට වසර ගණනාවකට පෙර මහජනතාව ගිමන් හරිමින් වීවේක සුවය විඳි ප්‍රදේශයක් වන අතර දැන් මෙම භූමි ප්‍රදේශය මාළු වේලා කරවල නිෂ්පාදනය කරන ස්ථානයක් බවට පත්ව ඇති බව මෙහිදී සඳහන් විය.එහෙත් දැනට විශාල පිරිසකගේ ජීවනෝපාය බවට මෙම කර්මාන්තය පත්ව තිබෙන බවත් ඒ සඳහා මෙම භූමිය වඩාත් උචිත බවත් සාකච්ඡාවට සහභාගි වූ කරවල සමිති සාමාජිකයන් හා නියෝජිතයෝ පැවසූහ.

මීගමුව මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්. ඒ. යූ.කේ. ගුණරත්න මෙහිදී කියා සිටියේ මෙය පියවරෙන් පියවර විසඳිය යුතු කාර්යයක් බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us