උසස් පෙළ සිසුන් පාසැලෙන් ඈත් වීම ගැන සොයා බැලිය යුතුයි - හරිනී

Published in පුවත්
Thursday, 02 January 2025 17:33

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවය.

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.

වර්තමානයේ පාසල්වල උසස් පෙළ පන්ති කාමර තුළ දරුවන්‍ රැඳී සිටින්නේ ඉතා අඩුවෙන් බවද අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කළාය.

විශේෂයෙන් පිරිමි දරුවන් අධ්‍යාපන කටයුතුවලින් බොහෝදුරට ඈත්වෙමින් සිටින බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කරයි.

කුමන සමාජ, ආර්ථික හේතුවක් පදනම් කරගෙන හෝ දරුවන්ට අධ්‍යාපනය මගහැරීමට ඉඩ නොදිය යුතු අතර පූර්ව ළමාවිය සංවර්ධනයේ සිට 13 වසරක පාසල් අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා ඉඩ ප්‍රස්ථා සෑම දරුවෙකුටම විවර වී තිබිය යුතු බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළාය.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us