ඇමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක් - පුද්ගලයින් 15 ක් ජීවිතක්ෂයට ! තවත් පිරිසකට අසාධ්‍යයි Featured

Published in විදෙස්
Thursday, 02 January 2025 13:06

ඇමෙරිකාවේ නිව්ඕලන්ස් ජනපදයේ බර්බන් වීදියට විශාල පිරිසක් රැදී සිටි ස්ථානයකට ට්‍රක් රථයක් කඩා වැදී එහි සිටි පුද්ගලයින් 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි සිටි තවත් පුද්ගලයින් 35දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කළ අතර, ඔවුන්ගෙන් පස් දෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ. ඒ අනුව, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද පැවැසෙයි.

එෆ්.බී.අයි. කාර්යාංශය ද කඩිනමින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, ඔවුන් එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වා දී ඇත.

පිකප් ට්‍රක් රථය පිරිස අතරට කඩා වදිද්දී, නගරයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීහු වහා ක්‍රියාත්මක වී, රියදුරු කොටු කර ගැනීමට උත්සාහ කළහ.

ඉන් පලායාමට තැත් කළ රියදුරාට පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇති අතර, එහිදී රියදුරා ජීවිතක්ෂයට පත් විය.

කැබ් රථයේ තිබී අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ධජයක්, ගිනි අවි කීපයක් සහ පුපුරන ද්‍රව්‍ය හමුවී ඇත.

විමර්ශනවලට සම්බන්ධ වූ එෆ්.බී.අයි. පරීක්ෂකයන් 42 හැවිරිදි ඔහු විශ්‍රාමික ඇමෙරිකන් හමුදා සාමාජිකයකු බවයි. ඔහු අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සාමාජිකයකුදැයි සෙවීමටත්, ඔහුට සහාය දුන් පුද්ගලයන් සෙවීමටත් මේ වනවිට විමර්ශන කටයුතු මේ වනවිට ආරම්භ වී ඇත.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us