ලාබ අරක්කු වලට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විරෝධය

Published in පුවත්
Thursday, 02 January 2025 10:36

සුරාබදු දෙපාර්තමේන්තුව හඳුන්වා දීමට යන අඩු මිල මත්පැන් බෝතලය ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් වත්මන් රජයේ ප්‍රතිපත්තියට පටහැනි යැයිද මත්පැන් කර්මාන්තයටම පමණක් යහපතක් සිදුවන එම ප්‍රතිපත්තිය ගැන නැවත සලකා බලන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදයකුමාර මහතාට ලිපියක් යොමු කර ඇත.

නීත්‍යනුකූල මත්පැන් මිල අඩු කිරීම හරහා නීති විරෝධී මත්පැන් ජාවාරමට වැට බැඳිය නොහැකි යැයිද මිල අඩු වූ විට තරුණ පිරිස් සහ සමාජ ආර්ථික වශයෙන් දැඩි බලපෑමට ලක්වූ කණ්ඩායම් අතර මත්පැන් පරිභෝජනය ඉහළ යන බව සුරාබදු දෙපාර්තමේන්තුව නොදැන සිටීම කණගාටුවට කරුණක් යැයිද පවසමින් එම සංගමයේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ හා දුම්කොළ, මද්‍යසාර සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මියගේ අස්සනින් මෙම ලිපිය යොමුකර තිබේ.

නීති විරෝධී මද්‍යසාර භාවිතය රට පුරා බහුලව සිදුවන බවට මත්පැන් කර්මාන්තකරුවන් කරන ප්‍රකාශ සමඟ සුරාබදු දෙපාර්තමේන්තුව එකඟ වීම විස්මය දනවන්නක් යැයි පවසන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සැබැවින්ම නීත්‍යනුකූල මද්‍යසාර නිෂ්පාදන භාවිතයට සාපේක්ෂව නීති විරෝධී මත්පැන් භාවිතය ශ්‍රී ලංකාව තුළ පවතින්නේ ඉතා අඩු මට්ටමක යැයි අවධාරණය කරයි.

ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණය සහ අනෙකුත් අධ්‍යයන මඟින් මේ බව පැහැදිලිව අනාවරණය කොට ඇතැයිද ඊට අභියෝග කළ හැකි ස්වාධීන අධ්‍යයනයක් තිබේ නම් ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත්කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ යැයිද එම ලිපියේ සඳහන් කර ඇත.

- මව්බිම
--

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us