ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව අද සිට යලි ඇරඹේ

Published in පුවත්
Thursday, 02 January 2025 12:58

උතුරු මුහුදු සීමාවේ පසුගිය කාලයේ පැවති අයහපත් කලගුණික තත්ත්වය හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව අද (02) සිට යළි ක්‍රියාත්මකයි.

පසුගිය 2024 වසරේ ආරම්භ වූ නැව් සේවාව ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී උතුරු මුහුදු සීමාවට බලපෑ අධික සුලිසුලං සහ කුණාටු තත්වයන් මෙන්ම ගංවතුර බලපෑම් හේතුවෙන් නවතා දැමීමට නැව් සමගම තීරණය කළේය.

කෙසේ වෙතත් මෙම නැව් සේවාවට මෝසම් වර්ෂාව මගින් දැඩි බලපෑමක් එල්ල කිරීමෙන් නැව් සේවව නවතා දැමීමට සිදුවීම පිළිබඳව අවධානය යොමු කොට ඊට විකල්පයක් සෙවීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබගැනීමටද සිවගංගි නැව් සේවා සමාගම විසින් කටයුතු කර තිබේ.

අද (02) දිනයේදී නැවත ඇරඹෙන මගී නැව් සේවව සඳහා මගීන්ට අවශ්‍ය කෙරෙන ආසන වෙන්කරවා ගැනීම සඳහා සතියකට පෙර අවස්ථාව ලබා දී තිබූ අතර ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි දක්වා ගමන් කිරීමේ ගාස්තුව වශයෙන් රුපියල් 35,000ක් බවට දක්වා තිබේ.

එමෙන්ම සතියේ ඉරිදා දින හැර සෙසු සියලුම දිනයන්හි නැව් සේවා සමාගම මගී ගමනාගමනය සිදුකිරීමටද බලාපොරොත්තුවෙන් සිටින බව, වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us