ශ්‍රී ලංකාවේ අගනුවර තදාසන්න ඉතා වැදගත් සමුද්‍රාසන්න තෙත්බිම් පරිසර පද්ධතියක් හා වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත අනුව වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මුතුරාජවෙල අභයභූමියේ අක්කර 150ක් බිලිගනිමින් ඉකුත් ආණ්ඩු සමයේ ඉදිකිරීමට උත්සාහදැරුණු, පරිසර සංරක්ෂනවේදීන්ගේ මැදිහත්වීමෙන් හකුලා ගැනුණු බෝපිටිය සුඛෝපභෝගී නගර සංවර්ධන ව්‍යාපෘතිය යලිත් ආරම්භ කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කිරීම නිසා ඉතා බරපතල සමාජාර්ථික හා පාරිසරික ව්‍යසනයක් ඇතිවීමේ අවධානමක් පැනනැගී ඇත.

'ජිෆී' කොහු බත් ආශ්‍රිත කර්මාන්තායතනය නිසා දැදුරු ඔය විනාශ වෙමින් පවතින බව '01 වන ශ්‍රී ලංකා ආරක්ෂක බලමුළුව' විසින් සිදු කරනු ලැබු පරික්ෂාවකදී සනාත වී තිබේ. දැදුරු ඔය ආශ්‍රිත පරිසර ක්‍රියාකාරකමක් සඳහා පසුගියදා එම ප්‍රදේශයට ගිය විට දැදුරු ඔය විනාශ වී ඇති අයුරු එම නිළධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වී ඇත.

ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තමා 'යහපාලන ආණ්ඩුවේ' කැබිනට් ඇමතිවරයෙකු බව අමතක වී මයික්‍රෆෝනයක් දුටු තැන විහිළු කතා කියමින් 'කාඩ්බෝඩ් සැන්ඩෝ' කෙනෙකු වීමට උත්සාහ දැරීම කනගාටුවට කරුණක් බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

වරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග මහතා සිය සොහොයුරු ධම්මික රණතුංග මහතා වරාය අධිකාරියේ සභාපති ධුරයට පත් කිරීමෙන් නොනැවතී තවත් ඥතීන්ට හා හිතවතුන්ට තනතුරු ලබාදීම පිළිබඳව වරාය වෘත්තීය සමිති දැඩි අප්‍රසාදය පළ කරයි.

ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කළ 'ඇඩ්රස් නෑ' චිත්‍රපටයේ ප්‍රචාරක පොස්ටරය නිර්මාණය කර ඇත්තේ වත්මන් දේශපාලන විපර්යාසය දරා ගැනිමට නොහැකියාවේ කුහකකම මුල් කරගෙන බව පෙන්නුම් කරමින් බව බැලු බැල්මටම පැහැදිලිය. ජැක්සන්ට අනුව මහින්ද රාජපක්ෂ හිට්ලර් පන්නයේ දෘඩ නායකයෙකි. මෛත්‍රීපාල සිරිසේන චාලි චැප්ලින් වර්ගයේ විහිළුකාරයෙකි. මේ ජැක්සන්ගේ දැක්මය. මේ හිටර්ව ජනමූල නායකයා කියාගෙන ඒ මත්තෙම නැහුණු ජැක්සන්ට මෛත්‍රීපාලව විහිළුකාරයකු ලෙස පෙනී යාම අරුමයක් නොවේ.

 ගම්පොල විදානලාගේ දොන් සමන්ත කුමාර නොහොත් ‘වෙලේ සුදා’ නැමැති කුඩු රජාට මරණීය දණ්ඩනය නියම කිරීම, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ශ්‍රී ලාංකීය සංග්‍රාමය ලැබූ වැදගත් ජයග්‍රහණයකි. පසුගිය ජනවාරියේ පාකිස්ථානයේදී අත්අඩංගුවට ගැනුණු ඔහුව පසුව ශ්‍රී ලංකාවට ගෙනෙන ලදි. ‘වෙලේ සුදාගේ’ තවත් ලාංකීය සහ විදේශීය අපසාහයකයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට විරුද්ධ නඩු ඉදිරියේදී ඇසීමට නියමිතයි.

පසුගිය ආණ්ඩු සමයේදී සිදුවූ අතුරුදන් වීම් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබු මැක්ස්වෙල් පරණගම කොමිසමේ වාර්තාව වත්මන් පාලකයන් විසින් ප්‍රසිද්ධ කිරීමෙන් වැලැකී සිටී. ඊට හේතුව වී ඇත්තේ එම වර්තාව මඟින් වත්මන් යහපාලන ආණ්ඩුවේ ඇමැතිකම් දරන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් එහි තොරතුරු අඩංගුවීමය යැයි වාර්තා වේ.

ශ්‍රි ලංක රේගු අධිකාරියේ ඉහළම තනතුරක් ජනාධිපති ලේකම් කාර්යලයේ අභ්‍යන්තර පාලකයාව සිටි චූලානන්ද පෙරේරා මහතාට ලැබීමට නියමිත බව එම ලේකම් කාර්යල ආරංචි මාර්ග පවසයි.

පෙරේරා මහතා මීට පෙර ආගමන විගමන පාලක ජෙනරාල් වරයා ලෙසද කටයුතු කළේය.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිළධාරීන් ‍රැසක් ඉවත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙරට අති සුවිශේෂී පුද්ගලයෙකුගේ දේශපාලනයේ නියුතු පුත්‍රයෙක් සතුබව කියැවුනු ඩුබායිහි ජාතික බැංකුවේ (නැෂනල් බෑන්ක් ඔෆ් ඩුබායි) ගිණුමක් ගැන තොරතුරු මෙරට දේශපාලඥයින්ට ලැබුණේ පසුගිය පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වුනු අගොස්තු 17 වැනිදාට දින 10 කට පමණ පෙරාතුවය.

Connet With Us