ජනාධිපති තමන්ගේ කාර්යාලයෙන්ම සුද්දය පටන් ගනී !

Published in පුවත්
Monday, 19 October 2015 14:55

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිළධාරීන් ‍රැසක් ඉවත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට ජනාධිපතිවරයගේ ලේකම්වරු ලෙස කටයුතු කරන කිහිප දෙනෙකුත් ජනාධිපති උපදේශකයන් කිහිපදෙනෙක් හා තවත් නිළධාරීන් කිහිප දෙනෙකුම මෙම ලැයිස්තුවේ සිටී.

මෙම කාර්යාලය තුල තවමත් හිටපු ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබු නිළධාරීන් ‍රැසක්ම සේවය කරන අතර පසුගිය වකවානුවේදී ජනාධිපති කාර්යාල මට්මෙන් ගනු ලැබූ ඇතැම් තින්දු තීරණ අවුල් කිරීම සඳහා ඔවුන් දායකව සිටි බවද හෙළිව තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල වෙනසකම් ‍රැසක් ම ඉදිරි මාස දෙක ඇතුලතදී සිදු වීමට නියමිතය. එමෙන්ම මේවන විට අඩපන වී ඇති වංචා දුෂණ විමර්ශන කඩිනම් කිරීම සඳහාශ ජනාධිපතිවරයා විශේෂ මැදිහත් වීමක් සිදු කරමින් පවතින අතර වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරු හා ඉහළ නිළධාරීන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් සෙවීම සඳහාද විශේෂ විමර්ශණ ඒකකයක් පිහි‍ටු වීමට නියමිත බවද වාර්තාවේ.

Last modified on Monday, 19 October 2015 16:03

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us