රේගුව චුලානන්දට ! සුහයිර් TRC යෙන් ඉවතට !

Published in පුවත්
Monday, 19 October 2015 15:45

ශ්‍රි ලංක රේගු අධිකාරියේ ඉහළම තනතුරක් ජනාධිපති ලේකම් කාර්යලයේ අභ්‍යන්තර පාලකයාව සිටි චූලානන්ද පෙරේරා මහතාට ලැබීමට නියමිත බව එම ලේකම් කාර්යල ආරංචි මාර්ග පවසයි.

පෙරේරා මහතා මීට පෙර ආගමන විගමන පාලක ජෙනරාල් වරයා ලෙසද කටයුතු කළේය.

කෙසේ නමුත් ශ්‍රි ලංකා රේගු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් එල්ල වෙමින් පවතින චෝදනා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව පැවැසේ.

මේ අතර විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවේ (TRC) අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්. සුහයිර් මහතාව ජනාධිපතිවරයාගේ නියෝගයක් මත ඉවත්ත්කොට තිබේ.

ඊට හේතුව වී ඇත්තේ එම ආයතනයේ සිදු වූ අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් ඔහු වගකිව යුතු බව සනාත වීම නිස බව පැවැසේ. විදුලි සංදේශ නියාමන කොමිසම රටේ සාමය හා සංහිඳියාව පදනම් කර ගත් චිත්‍රපටයක් සඳහා මිලියන හැත්තෑවක් ලබා දීම හා ගුවන් විදුලි සංඛ්‍යාත කිහිපයක් පෞද්ගලික නාලිකා කිහිපයකට නියමිත් ක්‍රියා පටිපාටියෙන් තොරව ලබාදීම ආදී චෝදනා කිහිපයක්ම ඔහුට එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් ජනධිපතිවරයා ඔහුට කිහිප වතාවක්ම අවවාද කර ඇති බවත් පැවැසේ. සුහයිර් මහතාව එම තනතුර සඳහා පත් කරනු ලැබුවේද ජනාධිපතිවරයා විසින්ය.

කෙසේ නමුත් එම ආයතනයේ ඇතැම් නිළධාරීන් පෙන්වා දෙන්නේ සුහයිර් මහතා යහපත් නිළධාරියකු බවත් ඔහුව මේ පි‍ටුපස මේ දිනවල ජනාධිපතිවරයාට සමීපව සිටින එක්තරා මාධ්‍ය හිමිකරුවකු විසින් උගුලකට හසු කර ඇති බවය. කෙසේ නමුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වන සුහයිර් මහතා හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාර නායක මහත්මියගේ සමීපතමයකු ලෙස ප්‍රකටය.

Last modified on Monday, 19 October 2015 15:59

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us