පරණගම වාර්තාව එළියට දමන්නැයි විමල්ලා, එජාපය හා එක්වන ලකුණු

Published in පුවත්
Monday, 19 October 2015 16:54

පසුගිය ආණ්ඩු සමයේදී සිදුවූ අතුරුදන් වීම් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබු මැක්ස්වෙල් පරණගම කොමිසමේ වාර්තාව වත්මන් පාලකයන් විසින් ප්‍රසිද්ධ කිරීමෙන් වැලැකී සිටී. ඊට හේතුව වී ඇත්තේ එම වර්තාව මඟින් වත්මන් යහපාලන ආණ්ඩුවේ ඇමැතිකම් දරන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් එහි තොරතුරු අඩංගුවීමය යැයි වාර්තා වේ.

මේ තත්වය මත මෙම වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස, මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර ඇතුළුව ශ්‍රී ලනීප කණ්ඩායම ජනාධිපතිවරයගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් වන බව දැන ගැනීමට ඇත. එක්සත් ජාතික පක්ෂයද මෙම වර්තාව ප්‍රසිද්ධ කළ යුතු බව පවසයි.

එහෙත් මෙම වාර්තාව ප්‍රසිද්ධ වීම මඟින් වත්මන ජනාධිපහිවරයා අපහසුවට පත්වනු ඇති බවත් එමඟින් ඔහුට සම්මුති ආණ්ඩුව තුල ඇති බලය දුර්වල වීමත් සිදු විය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පවසයි. එමෙන්ම අතුරුදන් කිරීම් වලට සම්බන්ධ චූදිතයන් ආණ්ඩුවේ ඇමැතිකම් දරමින් සිටියදී එක්සත් ජාතින්ගේ නියමය අනුව මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන අධිකරණ ක්‍රියාවලියටද යම් බාධා පැමිණ වීමක් සිදුවිය හැකිය. එම චෝදනාව එල්ල වනු ඇත්තේද ජනාධිපතිවරයාටය.

මේ තත්වය මත මේවන විට ආණ්ඩුව තුලද මෙම වාර්තාව ගැන අර්බූදයක් මතුව තිබේ. මෙම කොමිසමේ වාර්තාව එළිදැක්වීම වලකමින් තිබෙන්නේ ඒ හේතුව නිසාය.

එහෙත් එජාප මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් එම වාර්තාව එළිදැක්වීමට කටයුතු කරන ලෙසයි. ඔවුන් හරහා ජනාධිපතිවරයා වෙත බලපෑම් කිරීමටද මෙම මන්ත්‍රීවරුන් කටයුතු කර තිබේ. ඔවුන් අවධාරණය කරන්නේ මෙම වාර්තාව එළිදක්වා එහි කරුණු පදනම් කරගනිමින්, තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් කළයුතු බවයි.

එහෙත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මෙම වාර්තාව එළිදැක්වීම තුළින් ශ්‍රීලනිපයට බරපතල හානියක් සිදුවන බවයි. ඒ අනුව මෙම වාර්තාව එළියට නොදමන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මෙම වාර්තාව හේතුවෙන් ආණ්ඩුව ඇතුළත දැඩි කැළඹීමක් ඇති වී තිබෙන අතර එය දැන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ගැටුමක් දක්වා වර්ධනය වී ඇත. අගමැතිවරයා බලාපොරොත්තු වන්නේ යහපාලනය අපේක්ෂා කරන ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරමින් වාර්තාව තුළින් චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට දඬුවම් ලබාදීමටයි. එහෙත් ජනාධිපතිවරයා තම පක්ෂය බේරාගැනීමේ අරමුණින් මෙම වාර්තාව එළිදැක්වීම පමා කිරීමට කටයුතු කරමින් සිටී. ඒ ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ බලපෑම් හේතුවෙනි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us