RavindraKariyawasamදැදුරු ඔයට හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතිය තුළ සිදුවන පරිසර දූෂණයට සෘජුව වගකිව යුතු ජිෆී සමාගම පරිසරවේදීන්ට තර්ජණය කරන බවත් පරිසරවේදීන්ගේ කටයුතුවලට බාධා සිදුකරන බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි. ජිෆී සමාගමෙන් එල්ල වූ තර්ජණ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (05) සමාජ හා සාමයික කේන්ද්‍රෙය්දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

තමා දුන් එක දුරකථන ඇමතුමකින් ඇ.ඩොලර් මිලියන 500 ක ණයක් ලංකාවට ලබා දීමට ලිබියානු හිටපු නායක මුවමර් ගඩාෆි එකග වූ බවත් එය නොවන්නට යුද්ධය ජය ගැනීමට පෙර ආර්ථිකය ඇණ හිටීමට ඉඩ තිබුණ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා මාධ්‍ය නිවේදනයක් කරමින් පවසා සිටියේය. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ මහතා ලිබියවේ හිටපු නායක ගඩා‍ෆිගේ කරට අතදාගෙන සිටි බව කළ ප්‍රකාශයකට පිලිතුරු වශයෙනි.

 “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය” මැයෙන් පසුගිය සැප්තැම්බර් 24 වැනි දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවේ උද්ධෘතයම, ශ්‍රී ලංකාවේ එක්සත් භාවය, අඛණ්ඩත්වය සහ ස්වෛරීත්වය කරා ගමන් කළ යුතු නිවැරදි මාවත පැහැදිළිව අවධාරණය කරන්නකි.

ටිරාන් අලස් පත්තර මුදලාලිගේ 'මව්බිම' පත්තරේ සේවය කරන මාධ්‍යවේදිනියන්ගේ පහසුව තකා තිබු කාන්තා වැසිකිලියෙහි කැමරාවක් සවිකර එහි දර්ශන පටිගත කිරීම සම්බන්ධයෙන් මේවන විට ටිරාන් අලස්ටත් පත්තරේ කර්තෘ තුෂාර ගුණරත්නට හා අලෙවි අධ්‍යක්ෂක මානෙල් ධර්මකීර්තිට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශ ප්‍රධානි
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්‌.ටී. හෙට්‌ටිගේ

අපේ රටේ සිදුවන අපරාධ අඩුකර ගැනීම සඳහා මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළ යුතු යෑයි ප්‍රබල හඬක්‌ නැගෙමින් පවතී. සේයා සදෙව්මි දැරිය ඝාතනය වීමත් සමඟ යළි සමාජයේ කතාබහට ලක්‌ වූ මෙම මතයට එරෙහිව අදහස්‌ පළකරන්නන් කියා සිටින්නේ පුද්ගලයකුගේ ජීවිතය විනාශ කර අපරාධ අවම කළ නොහැකි බවය.

ෆේස්බුක්, ස්කයිප් , වයිබර්, වට්ස් ඇප් වැනි සමාජ ජාලා ඔස්සේ වීඩියෝ පණිවුඩ හුවමාරු කිරීමේදී ඉතා කල්පනාකාරී වන්නැයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසයි.

එවැනි පණිවුඩ හුවමාරු හැකර්වරුන් විසින් අවභාවිත කළ හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

එක පැත්තකින් බෙර ගහගෙන නටාගෙන ළමා දිනය සමරන අතරෙ ලංකාවෙ පොලීසියත් ජනමාධ්‍ය ආයතන වල සමහරක් බහුතරයකුත් එකතු වෙලා මහා අපරාධකාරයෙක් බවට පත් කරපු සේයා දැරිය ඝාතනයට සැකපිට අත් අඩංගුවට ගත්තාය කියපු 17 හැවිරිදි පාසල් දරුවා අධිකරණයෙන් නිදහස් උනා. එක ජීවිතයක් නැති උනු එකේ පරීක්ෂණ පමාව ගැන තමුන්ට එන චෝදනාවෙන් ගැලවෙන්න පොලීසිය බිල්ලට ගත්තේ ඒ කොල්ලාව. විකිණෙන ඕනෙම මඟුලක් කුණු රහට පල් කර කර පළ කරන ජඩ මාධ්‍ය ආයතන ඉතුරු හරිය වවාගෙන කෑවා. දින ගණනාවකට පස්සේ යන්තම් ඒ දරුවා චෝදනාවෙන් ගැලවුණා.

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුලු සියලූම සහෝදර මැති ඇමතිවරුනි, ඒ වගේම මේ සාකච්ඡාවට සහභාගීවන සියලූම ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය ආයතන ඒ සියලූදෙනාටම මම ස්තූතිවන්ත වෙනවා මෙම අවස්ථාවට සහභාගීවීම පිළිබඳව.

මහින්ද රාජපක්ෂ යනු මෙරට සිටි පජාතම රාජ්‍ය නායකයා පමණක් නොව පරාජයෙන් පසුවද තමාගේ ඇති මජර ප්‍රේත ගතිය යළි යළිත් ප්‍රදර්ශනය කරමින් සිටින කූජිත දේශපාලන හාල්පාරුවෙක් බව ඔහු සිය ෆේස්බුක් ගිණුම මඟින් පැහැදිලිව පෙන්වා දීතිබේ.

දැදුරු ඔය විනාශ කරන ජිෆී සමාගම සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමට ගිය පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් ඇතුළු පිරිස කුරුණෑගල, කොබෙයිගනේ පොලිසිය මීට ස්වල්ප වේලාවකට පෙර නිදහස්කර තිබේ. ජිෆී සමාගමේ පරිපාලනෙන් එල්ල වු බලපෑම මත ඔවුනේ අත් අඩංගුවට ගෙන තිබුණු අතර මාධ්‍ය මඟින් මෙම තොරතුරු අනාවරණය කිරීමෙන් පසුව පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යාලයෙන් කළ විමසීමකින් පසුව ඔවුන්ව වහාම නිදහස් කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.

Connet With Us