මෙවැනි අවදානම් අවස්ථා වළක්වා ගැනීමට නම් ඡායාරූප හෝ වීඩියෝ දර්ශනවලට පෙනී සිටීමේදී ද දෙවරක් සිතා බැලිය යුතු බව පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පෙන්වා දෙයි.
ජංගම දුරකතනයක හෝ පරිගණකයක වරක් ගබඩා කරන ඡායාරූප හෝ වීඩියෝ දර්ශන මකා දැමුවද පසු අවස්ථාවකදී එය නැවත ලබාගත හැකි බවද එවැනි අවස්ථාවලදී අගතියට පත් වූ තරුණයන් හෝ තරුණියන් සියදිවි නසා ගැනීම පිළිබඳවද රටවල් ගණනාවකින් මෑතදී වාර්තා වූ බවද ඔවුන් පවසා සිටී.