පන්සල්, කෝවිල්, පල්ලි, පාසල් සහ කාසි භාවිතයට ගැනෙන විවිධ වෙනත් ස්‌ථානවලට රැස්‌ කෙරෙන කාසි වෙළෙඳපොළ සංසරණයට එක්‌ නොකිරීම නිසා වෙළෙඳපොළේ කාසි හිඟයක්‌ ඇතිවී ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව එම ස්‌ථානවලට ගොස්‌ කාසි එකතු කිරීමට පියවර ගෙන ඇත. 


ඒ අනුව කාසි දහකට රුපියල් දෙසියක දිරි දීමනාවක්‌ද ලබාදීමට පියවර ගෙන ඇත.

තමා පසුපස ලුහු බඳින යතුරු පැදි සහ ත්‍රීවීලර් රථවල අංක තහඩු ව්‍යාජ ඒවා බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිවේදී උපුල් ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.

ආසන වෙන් කිරීම සම්බන්ධ මතභේදයට විසඳුමක් ලැබෙන තුරු ඌව පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

රාජපක්ෂ රෙජීමය තමන් හම්බ කරගන්නවා මිස රටේ ඔවුන්ට වැඩ කළ තරුණයෙකුට පවා නිකම් රස්සාවක් නොදෙන බවත්, ඒවා මුදලට විකුණා සල්ලි ටික රෙජීමයේ සාක්කුවේ දාගන්නා බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නවී පිල්ලේ මහත්මියගේ කමිටුවට විකල්ප කමිටුව රජයේ ප්‍රතිපත්තිය රජය විසින්ම උල්ලංඝනය කිරීමක් බව ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමය පවසයි.

කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ වැඩවර්ජනයක් හේතුවෙන් රටපුරා රෝහල් බොහෝමයක දෛනික කටයුතුවලට බාධා පැමිණ ඇත.

මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලයේ ගැටලුව සඳහා සහාය පල කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලය, රුහුණ විශ්වවිද්‍යාලය රජරට සත්‍යග්‍රහයට සඳහා එක් වූ අතර ඉදිරි දින කිහිපය තුළ දී වයඹ, සෞන්දර්යය ඇතුළු අනෙකුත් විශ්වවිද්‍යාලවල සිසු ක්‍රියාකාරීන් එක් වීමට නියමිත බව රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් අමිල පෙරේරා මහතා පැවසීය.

ජාතික පෝෂණ මධ්‍යස්ථානය විසින් සිදුකරනු ලැබූ සමීක්ෂණයකට අනුව රටේ පාසල් ළමුන්ගෙන් 32.00 %ක් යකඩ ඌණතාවයෙන් පෙළෙන බවත් සමස්ත ජනගහණයෙන් පහෙන් එකක් ජනතාවක් යකඩ ඌණතාවයෙන් පෙළෙන බවත් හෙළිවී ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us