නවගත්තේගම ගුරුවරියට තර්ජනය කිරීමේ අරමුණ?

Published in පුවත්
Tuesday, 05 August 2014 19:45

අගෝස්තු 1 දින මෙම ගුරුවරිය දණ ගැස්සවීමට අදාළ නඩුවේ ඇසින් දුටු සාක්ෂිකරු වූ පුණ්‍යසේන මහතාගේ සිරුර දින තුනකට පසු පාලූ ළිඳක තිබී හමුවිය. ඒ සම්බන්ධව සිදුකළ මරණ පරීක්ෂණයේ  අවසන් නිගමනයක් ලබා දී නොමැති අතර පුණ්‍යසේන මහතාගේ සහෝදරියක මෙම මරණය සැකකටයුතු මරණයක් බව ප්‍රකාශ කර ඇත.

එම මරණය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුවෙමින් තිඛෙන අතර මේ වන විට  කිහිපදෙනෙකු අත් අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුවන බව ද මාධ්‍යය වාර්තා කර ඇත. පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ සඳහා යොමු කර ඇති බවද වාර්තාවේ. ලංකා ගුරු සංමයද මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පත්වරයාගෙන් ඉල්ලා සිටින ලදී.

මෙවැනි පසුබිමක සුසිලා හේරත් ගුරුතුමියට අද දින මෙම මරණ තර්ජන ලිපිය යොමුවීම සැකයට තුඩු දෙන්නකි.  මෙම සිද්ධිදාමයේ වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වන බව පෙන්වීම අරමුණු කරගෙන හෝ පුණ්‍යසේන මහතාගේ මරණය පිළිබඳ සිදුවන විමර්ශනය වෙනත් දිශාවකට යොමු කිරීමේ අරමුණින් හෝ සිදුවූ කි්‍රයාවක් විය හැකිය.

එසේම පුණ්‍යසේන මහතාගේ මරණයත් සමග තැතිගැන්මට ලක්ව ඇති ගුරුවරිය තවදුරටත් බියගැන්වීම ද මෙතුළින් සිදුවන බව පැහැදිලිය. මෙම තත්වය තුළ මෙම ලිපිය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුවිය යුතු බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කර සිටී.''

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us