පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කර තිබේ.

නීත්‍යනාකූල ආකාරයෙන් හමුදා සේවයෙන් ඉවත් වීමට ලබා දී ඇති පොදුසමා කාලය තුළ සෙබළුන් 10,000කට අධික පිරිසක් හමුදා සේවයෙන් ඉවත් වී ඇත.

අලුත් අවුරුදු උත්සව සමයේදී නියමිත මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා පවසයි.

2012 වසරේ හම්බන්තොට වරායේ සමස්ත වියදම රුපියල් මිලියන 812ක් වුවත් එහි අදායම රුපියල් මිලියන 135ක් වීම හේතුවෙන් එම වසරේ අලාභය රුපයිල් මිලියන 678කි. එම අලාභය කොළඹ වරායේ අදායමෙන් පියවා තිබෙන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා අමාත්‍යවරයා සඳහන් කරයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය යහපාලනය රටේ තහවුරු වී ඇති බවට හොදම සාක්ෂිය බවත් එය කියවිය යුත්තේ මීට මාස කිහිපයකට පෙර පැවැති භයංකර තත්ත්වය හා සසඳමින් බවද බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන,පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය යහපාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා පවසයි.

යේමනයේ ගැටුම් වලට මැදි වී සිටි තවත් ශ‍්‍රී ලාංකිකයින් 16 දෙනෙකු ඊයේ රාත‍්‍රීයේ දිවයිනට පැමිණියේය. තානාපති කාර්යාල වල මැදිහත්වීමෙන් මුදා ගත් පිරිසක් මෙලෙස දිවයිනට ගෙන්වා ගත් බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ප‍්‍රකාශ කළේය.

පිළිකා රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා ගත යුතු සියළු ක‍්‍රියාමාර්ග ඇතුළත් වන සේ මෙම වැඩපිළිවෙල ක‍්‍රියාවට නගන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරතන මහතා ප‍්‍රකාශ කර සිටියේය.

ජාතික ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් වෙන් කළ රුපියල් මිලියන 375ක් පැවැති ආණ්ඩුව සිය දේශපාලන ව්‍යාපෘති සඳහා යොදවා ඇතැයි අනාවරණ වූ බව එම මණ්ඩලයේ සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us