ශෂී වීරවංශ අද FCID යට

Published in පුවත්
Thursday, 04 June 2015 11:06

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

අර්ජුන් මහේන්ද්‍රන් මහතාට මහබැංකු අධිපති ධුරය දැරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

දින පොත් හා දින දර්ශන මුද්‍රණයට නිවාස ඉදිකිරීම් ඉංජිනේරු සේවා සහ පොදු පහසුකම් අමාත්‍යාංශය වියදම් කළැයි පැවසෙන රුපියල් මිලියන 140 ක මුදල අවභාවිත වී ඇත්දැයි වහාම පරීක්ෂණයක් කොට අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියම කළේය.

යුක්‍රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රය අවලංගු කර ඇති බවත් ඒ පිළිබඳව සියලුම විදේශ තානාපති කාර්යාලවලට දන්වා ඇති බවත් විදේශ කටයුතු අමංත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහිෂිනි කොලොන්න මහත්මිය සඳහන් කළාය.

නීතිවිරෝධී අයුරින් කොරියානු සහ මැදපෙරදිග රැකියා සඳහා පුද්ගලයින් යැවීමේ ජාවාරමේ නිරත වන තැරැව්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය දුරකථන අංක දෙකක් හඳුන්වාදී තිබේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා එක්සත් ජනතා‍ නිදහස් සන්ධානයට ආණ්ඩු බලය ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර අැත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද ඇරඹුනු ෂන්හයි සහයෝගිතා සංවිධානයේ ඉහළ පෙළේ සමුළුව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සහභාගි වේ. මෙම සමුළුව අද(03) සිට ලබන 05 වන දා දක්වා පැවැත්වේ. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සමුළුව ඇමතීමට නියමිත අතර මෙම සමුළුවේ තේමාව වන්නේ ආරක්ෂාව හා කළාපීය ස්ථාවර භාවය යන්නයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us