එංගලන්තය සමඟ හෙඩිංග්ලි හි පැවැති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 100කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල මීට සුළු මෙහොතකට පෙර සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට සමත්විය.

මෙය ශ්‍රී ලංකාව එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව වේ.

ලකුණු 350ක ඉලක්කයක් පසුපස හඹාගිය එංගලන්ත පිලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියළුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 249ක් පමණි.

එංගලන්තය වෙනුවෙන් හුදෙකලා සටනක නිරතවූ එම්.අලී නොදැවී ලකුණු 108ක් රැස් කළේය.

එංගලන්ත දෙවැනි ඉනිම සුනුවිසුනු කළ ධම්මික ප්‍රසාද් ලකුණු 50කට කඩුළු 5ක් බිඳ දැමූ අතර ඊට අනගි සහයක් දුන් රංගන හේරත් ලකුණු 59කට කඩුලු 3ක් බිඳහෙළුවේය.

ශ්‍රී ලංකා පිල මේ ජයග්‍රහණය සටහන් කරනු ලැබුවේ තරගය අවසන්වීමට පන්දු දෙකක් තිබියදීය.

එංගලන්තයේ අවසන් කඩුල්ල ලෙස ජේම්ස් ඇන්ඩර්සන් ඔමින්ද එරංගගේ පන්දුවකට ලෙග් ගලීවෙත උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.

ඔහු එසේ දැවීගියේ පන්දු වාර 20ක් කඩුල්ලේ රැඳී සිටීමෙන් අනතුරුව වීම විශේෂිතය.

(srilankamirror)

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us