සචිත්‍රට පොඩි අවුලක්‌ ?

Published in ක්‍රීඩා
Wednesday, 02 July 2014 12:10

ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන්නකු ලෙස වර්තමානයේ ලෝකයේම අවධානයට පාත්‍රව සිටින සචිත්‍ර සේනානායකගේ පන්දු යෑවීමේ ඉරියව්වේ දශම කිහිපයක වෙනසකින් එහි නීත්‍යානුකූලතාව පිළිබඳව අවදානමක්‌ මතුවීමට ඉඩ ඇති බව වාර්තා වේ.

ඉකුත්දා එංගලන්තය සමග ලෝඩ්ස්‌ හී පැවැති සිව්වැනි එක්‌දින තරගයේදී සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීමේ නීත්‍යානුකූලතාව පිළිබඳව සැක සහිත බව පිටියේ විනිසුරුවන් වූ මොරිස්‌ එරස්‌මස්‌ සහ ඉයන් ගෝල්ඩ් මෙන්ම රූපවාහිනී විනිසුරු ක්‍රිස්‌ ගµdනිද තරග තීරක ජෙෆ් ක්‍රෝට දන්වා තිබේ.

අනතුරුව ඔවුන් ඒ පිළිබඳව අයි.සී.සී.ය ට දැන්වීමෙන් පසුව සචිත්‍ර සේනානායක පසුගියදා කාඩිෆ් හී පිහිටි මෙට්‌ට්‍රොපොලිෂන් විශ්වවිද්‍යාලයේදී විශේෂ පරීක්‍ෂණයකට සහභාගී විය.

අදාළ පරීක්‍ෂණයේදී සචිත්‍ර සේනානායකගේ සජීවී පන්දු යෑවීම සහ එහි වීඩියෝ විවිධ කෝණ ඔස්‌සේ පරීක්‍ෂණයකට ලක්‌කර තිබේ.

වාර්තා වන අන්දමට සචිත්‍ර සේනානායකගේ ඇතැම් පන්දු අංශක 15 කට වඩා දශම කිහිපයක්‌ එහා මෙහා යැමේ අවදානමක්‌ පවතින බවත් එය නිවැරදි කර ගැනීමට සචිත්‍රට වැඩි කාලයක්‌ ගත නොවනු ඇති බවත් මේ සම්බන්ධව තතුදත් විශේෂඥයකු අප කළ විමසීමකදී පැවසීය.

කෙසේ වෙතත් සේනානායකගේ පන්දු යෑවීමේ නීත්‍යානුකූලතාව පිළිබඳව දශම කිහිපයක වෙනස්‌කමක්‌ කළ යුතු බවට අදාළ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් වුවහොත් ඒ සඳහා සේනානායකට මාස තුනක කාලයක්‌ අයි.සී.සී. ය විසින් ලබාදේ.

අනතුරුව ශ්‍රී ලංකා පුහුණුකරුවන් විසින් ඔහුගේ පන්දු යෑවීමේ නීත්‍යානුකූලතාව ප්‍රකාශ කිරීමෙන් පසු යළිත් ජාත්‍යන්තර පරීක්‍ෂණයකට සහභාගි වී නීත්‍යානුකූලතාව පෙන්වීමට සේනානායකට සිදුවනු ඇත.

කෙසේ වෙතත් සචිත්‍ර කාඩිෆ්හීදි සහභාගි වූ පරීක්‍ෂණයේ වාර්තාව දින 14 ක්‌ ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට සහ අයි.සී.සී.ය ට ලබාදිය යුතුවේ.

ශ්‍රී ලංකාවේ මෙවැනි පරීක්‍ෂණයකට භාජන වූ පළමු ක්‍රීඩකයා වන්නේ මුත්තයියා මුරලිදරන්ය. එහිදී ඔහු නිර්දොaෂි භාවය ඔප්පු කර පෙන්වීය.

ඔස්‌ට්‍රේලියානු විශ්වවිද්‍යාලයකින් පවා සචිත්‍රගේ පන්දු යෑවීමේ නීත්‍යානුකූලතාවට සහතිකයක්‌ ලබාදී තිබෙන බැවින් සේනානායකට කිසිදු ගැටලුවක්‌ සිදුනොවනු ඇතැයිද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන නිලධාරියෙක්‌ පැවසීය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, "වාර්තාවේ මොනව තියෙනවද දන්නෙ නැහැ. වාර්තාව ලැබෙනකම් අපිට සියලු දේ අනුමාන කිරීමක්‌ පමණයි කළ හැක්‌කේ." යනුවෙනි.

මීට පෙර 2012 වසරේදී ශ්‍රී ලංකා 'ඒ'කණ්‌ඩායමේ එංගලන්ත සංචාරයක්‌ අතරතුරදීද සේනානායකගේ පන්දු යෑවීමේ නීත්‍යානුකූලතාව පිළිබඳව එංගලන්ත විනිසුරුවන් අයි.සී.සී. යට පැමිණිලි කළේය. ඒ අවස්‌ථාවේදී සේනානායක බටහිර ඔස්‌ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේදී පරීක්‍ෂණයට සහභාගි වීමෙන් පසුව ඔහුගේ පන්දු යෑවීමේ නීත්‍යානුකූල භාවය සහතික විය.

අයි.සී.සී. නීතියට අනූව දඟ පන්දු යවන්නකුට සිය වැලමිට උපරිම අංශක 15 ක්‌ දක්‌වා නැමිය හැකි වන අතර ඊට වඩා ගියහොත් එය නීති විරෝධි වනු ඇත. ශ්‍රී ලංකාවේ හිටපු දඟ පන්දු යවන්නකු සහ වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට්‌ විනිසුරුවරයකු වන කුමාර් ධර්මසේනටද මෙවැනි ප්‍රශ්නයක්‌ මතුවූ අතර එහිදී ඔහු සිය ඉරියව්ව නිවැරදි කරගනිමින් යළිත් සුපුරුදු පන්දු යෑවීමේ නිරත විය.

(දිවයින)

Last modified on Wednesday, 02 July 2014 13:33

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us