රෝයි සිල්වාගෙන් පන්දු 91කදී ලකුණු 295ක වාර්තාවක්

Published in ක්‍රීඩා
Monday, 07 July 2014 08:20

ශ්‍රී ලාංකික පිතිකරු රෝයි සිල්වා අයර්ලන්තයේ ක්‍රීඩා සමාජ තරගයක දී පුදුම සහගත පිතිකරණයකින් නොදැවී ලකුණු 295ක් රැස් කොට වාර්තාවක් බිහිකරයි.

පන්දු 91 කදී හතරේ පහර 11ක් හා හයේ පහර34ක් එල්ල කළ රෝයි සිල්වා එක් ඕවරයක දී හයේ පහර හයක් ද එල්ල කිරීමට සමත්විය.

අයර්ලන්ත අල්ස්ටර් කුසලාන තරගාවලියේ ග්ලෙන්ඩර්මොට් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන රෝයි සිල්වා වසර 76කට පසු ඉනිමක දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරු ලෙස ඉතිහාසයට එක්විය. මෙයට පෙර අයර්ලන්තයේ ඊ.ඩී.ආර්.ෂියර් ඉනිමකදී ලකුණු 233ක් වාර්තා කර තිබිණි.

රෝයි සිල්වාගේ මේ ඉනිමේ දී වේගවත් ශතකය (පන්දු 27කදී) ඉනිමකදී වැඩිම හයේ පහර (34) හා ඕවරයක දී රැස් කළ වැඩිම ලකුණු (36ක්) වාර්තාවීම ද විශේෂත්වයකි. ඔහුගේ ඉනිමේ සාමාන්‍ය ඕවරයකට ලකුණු 11.55ක් විය.

34 හැවිරිදි රෝයි ද සිල්වා පසුගිය වසර වනතුරුම කොළඹ සී.සී.සී.පිලට ක්‍රීඩා කළ අතර දැන් අයර්ලන්තයේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු කොළඹ නාලන්දා විදුහලේ දීප්තිමත් ක්‍රීඩකයකු ද වූවේය.

'මා පළමු පෙළ තරගවලට වසර 13ක් ක්‍රීඩාකොට තිබෙනවා. මා ආක්‍රමණශීලී පිතිකරුවෙක්. පිටිය මැදට පැමිණි පසු පන්දු රකින්නන් මායිම් කරන්නේ නෑ. මට අවශ්‍ය යෝධ ප්‍රහාරවලින් ලකුණු රැස් කර කණ්ඩායමට ජය ගෙන දෙන්න.' යැයි රෝයි සිල්වා වාර්තාව බිහි කිරීමෙන් අනතුරුව මාධ්‍යයට පැවැසීය.

රෝයි සිල්වාගේ මේ දස්කම සමග ග්ලෙන්ඩර්මොට් පිල කඩුලු 4ක් දැවී ලකුණු 462ක් වාර්තා කිරීමට සමත්විය.

(ප්‍රින්ස් ගුණසේකර)

Last modified on Monday, 07 July 2014 08:32

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us