එල්ටීටීඊ සංවිධානය හා රාජපක්ෂ පවුල අතර තිබුණු රහස් සම්බන්ධතා හෙළි කිරීමට රජය සූදානම් වේ. 2005 ජනාධිපතිවරණයේදි එල්ටීටීඊ සංවිධානයට මුදල් ලබා දීමත් 2010 ජනාධිපතිවරණයේදී එම සංවිධානයේ සහය ලබා ගැනීමත් ඇතුළුව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් එම සංවිධානයේ ප්‍රබලයන් සමඟ පැවැත්වූ සම්බන්ධතා මෙහිදී හෙළිදරව් කිරීමට නියමිතය.

සරණට රට යන්න තහනම්

Published in පුවත්
Monday, 02 February 2015 11:52

අල්ලස් කොමිසමේ ඉල්ලීම මත කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ විදේශ ගමන් බලපත‍්‍රය අත්හිටුවා ඇත.

නව ප්‍රවාහන ඇමතිවරයෙකු යටතේ බස් කර්මාන්තය දියුණු කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන්නේ මධ්‍යම රජය යටතේ පවතින බස් රථ 4500 කට අධික ප්‍රමාණයකට පමණක් බවත්, පළාත් සභා යටතේ ධාවනය වන බස් රථ 16,000 කට තවමත් ක්‍රියාත්මක කෙරන්නේ පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ජීවිත ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවෙන් පිටමන් වූ ජනමාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, දේශපාලන ක්‍රියාධරයින් නැවත ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම රජයේ වගකීමක් බව කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිල්ලක් භාරදීම අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් සිදු කරන බව වාර්තාවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත විධායක කාරක සභාවේ සහ සමස්ත ලංකා කාරක සභා රැස්වීම්වලදී ශ්‍රීලනිප ප්‍රධාන තනතුරුවල සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිතය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තම ප්‍රජා අයිතිය අහිමිවීමට පෙර ඔහු විසින් දරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි දැරිය හැකිද යන්න පිළිබඳව මැතිවරණ දෙපාර්තමේන්තුවේ නීති අංශය කරුණු සළකා බලමින් සිටින බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

අගවිනිසුරු ධුරයෙන් මොහාන් පීරිස්‌ මහතා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (02 දා) සවස 1.00 ට පාර්ලිමේන්තුවේ විවාදයක්‌ පැවැත්වේ.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us