හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා තමන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සඳහන් සියලු චෝදනා හැකි ඉක්මනින් විභාග කිරීමට පියවර ගන්නැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ එතනෝල් ලීටර් 16000ක් අඩංගු කන්ටේනර් බහාලුමක් ඊයේ(03) ඔරුගොඩවත්ත උප රේගු නිවාරණ පරිශ්‍රයේ දී අතඅඩංගුවට ගන්නා ලදී‍. මෙය තායිලන්තයේ බැංකොක් නුවර සිට ගෙන්වා ඇති අතර රේගු බුද්ධි අංශය මගින් කළ ස්කෑන් පරීක්ෂණයක දී මේ සැක සහිත කන්ටේනරය හඳුනාගෙන ඇත.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කළැයි සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට එරෙහිව චෝදනා 17 ක් යටතේ නීතිපති අද (3) කොළඹ මහාධිකරණයේ නඩු පවරනු ලැබීය.

ඇමැති රාජිත සේනාරත්න මහතාට අයත් බව කියන බ්ලූ ඕෂන් ‍ෆිෂරීස් නම් ආයතනයක් මඟින් නීත්‍යානූකූල අවසරයක් නොමැති ව්‍යාපාර කටයුතුවල යෙදීම මඟින් දූෂණයක් කර ඇති බවට ජාතික නිදහස් පෙරමුණ අද අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක් බාර කලේය.

මේ මොහොතවන විටත් කොළඹ කො‍ටුවේ පැවැත්වෙමින් තිබෙන වරාය නගරයට එරෙහි උද්ඝෝෂණ පෙළපාලියට බාධා කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව අද (03දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රථම වතාවට යාපනයට පැමිණියේය. එහිදී උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ජනපතිවරයාව සුහදව පිළිගත්තේය.

සමහර අයගේ මූණ හරිම පැහැපත් වගේම පැහැදිලියි. පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. සමහර වෙලාවට අපේ මූණත් මේ තරමටම ලස්සන වුණා නම් කියල අපිට හිතෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us