මිළඟ මහ මැතිවරණයට ශ්‍රිලනීපයත් පොහොට්‍ටුවෙන්..! Featured

Published in පුවත්
Thursday, 01 November 2018 14:33

කඩිනම් මහ මැතිවරණයක් වෙත යෑම සඳහා සිරා මරා බලු පූට්‍ටු සන්ධානය මේ වන විට තීන්දු කර තිබෙන අතර ඒ අනුව මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ පොහොට්‍ටුව ලකුණින් විය යුතු බව බැසිල් රාජපක්ෂ දැඩි ලෙස බලපෑම කරමින් තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රීලනීපය දිය කර දමා නව පක්ෂයක් ලෙස ජනතාව අතරට යෑමෙන් තම පාර්ශ්වයට එරෙහිව ඇති චෝදනා අපවාද ආදියෙන් ගැලවී අලුත් අකාරයකින් අලුත් ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් ඉදිරියට යා හැකි බව ඔහුගේ මතය වී තිබේ.

කෙසේ නමුත් ඊට ශ්‍රීලනිපයේ ජේෂ්ටයන් ගනනාවක් ඊට විරෝධය පළ කර තිබේ. ඒ අනුව තමන්ට හිමි ජනතා පදනම් විනාශ වනු ඇති බවත්. මෙය ශ්‍රිලනිපයේ ජේෂ්ටයන්ව ඉවත් කර බැසිල්වාදී කොටස් වලට බලය ලබාගැනීම වෙනුවෙන් කළ තවත් කුමන්ත්‍රණයක් බව ඔවුන් පෙන්වා දී තිබේ.

ඊයේ දුමින්ද දිසානායක හා බැසිල් අතර වූ සාකච්ඡාව ද මෙය වූ අතර ඊට එකඟතාවයක් ඇති වුවහොත් දුමින්ද දිසානායකගේ සහයෝගය ද මහින්දට ප්‍රකාශ කරනු ඇත.

සිරා මරා කුමන්ත්‍රණයේ මීළඟ පියවර විදිහට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන්නෙ කෙසේ හො ආණ්ඩුවක් පිහි‍ටුවා , අතුරු අය වැය යෝජනාවක් ගෙනවිත් එය පරාජයවන්නට ඉඩ හැරීමය. ඒ අනුව පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට සිදුවේ. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වසර හතරාහමාරක කාලය ගෙවී යෑමට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරවීමට ඇති එකම ක්‍රමවේදය මෙයය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us