සිරා මරා ගෝතකරුමෙන් ආර්ථිකය වලපල්ලට- වාණිජ මණ්ඩල ඒකාබද්ධ නිවේදනක්

Published in පුවත්
Thursday, 01 November 2018 16:02

දේශපාලන අවිනිශ්චිත බව රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බැවින් සියලු පක්ෂ එක්ව වත්මන් අර්බුදය විසඳාගන්නැයි වාණිජ මණ්ඩල කිහිපයක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

වත්මන් දේශපාලන අර්බුදය කඩිනමින් විසඳා නොගතහොත් එය රටේ ආර්ථිකයට අහිතකර ප්‍රතිවිපාක රැසක් අත්පත් කරදෙනු ඇති බවත් වත්මන් දේශාපලන අවිනිශ්චිතතාව කිසිසේත්ම රටේ ආර්ථිකයට හිතකර නොවන බවත් එම වාණිජ මණ්ඩල පෙන්වාදෙති.

ඒකාබද්ධ වාණිජ මණ්ඩල නිවේදනයේ මෙසේ ද දැක්වේ.

“ස්ථාපිත ව්‍යවස්ථානුකූල ආයතන මගින් මෙම අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විසඳාගන්නා ලෙස අපි සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිමු. නීතිය හා සාමය පවත්වාගෙන යන ලෙසත් රටේ පුරවැසියන්ගේ ජීවිතවලට සහ දේපළවලට තිබෙන අවදානම ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් අපි සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිමු. අපේ රටේ, රටේ ජනතාවගේ සහ ජාතික ආර්ථිකයේ යහපත උදෙසා සියලු පක්ෂ කටයුතු කළ බව ද සිහිපත් කරන්නෙමු”.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, වාණිජ හා කර්මාන්ත මණ්ඩලවල සම්මේලනය, ජාතික වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, ජාතික වාණිජ මණ්ඩලය, තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලය, අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය, ශ්‍රී ලංකා ඇඟළුම්කරුවන් (ජේ.ඒ.ඒ.එෆ්.) සහ ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය එක්ව එම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබිණි.

lankadeepa

Last modified on Thursday, 01 November 2018 16:06

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us