ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ.

රජය විසින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා අද (10) සිට වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

සහල් සහ පොල් නොමැතිවීමෙන් සතොස අලෙවි සැල් වෙත පැමිණෙන බොහෝ පාරිභෝගිකයන්ට හිස් අතින් ආපසු යෑමට සිදුවී තිබේ.

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීම අද (10) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි..

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

මත්පැන් නිෂ්පාදනාගාර සහ මත්පැන් අලෙවිසල් රැසක් නිසියාකාරව බදු නොගෙවීම නිසා 2025 වසරට අදාළව සුරාබදු බලපත්‍ර ලබාගැනීමට නොහැකිවන තත්ත්වයක් උදා වී තිබේ.

පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු කැකුළු කිලෝ ග්‍රෑම් එකක උපරිම තොග මිල රුපියල් 215ක් ලෙසත් එහි උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙසත් සඳහන්ය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (10) දිනයේ මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Latest News

හරීන්ට අලුත් තනතුරක්   

හරීන්ට අලුත් තනතුරක්  

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට වහාම ක්‍රියාත්මක වන පරිදි නව තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජා...

Connet With Us