ඔහුගේ නැඟණිය මංගලා කරුණාතිලක මහත්මිය පවසා ඇත්තේ, මුලින් ආදාහනය කිරීමට සැලසුම් කර තිබුණු නමුත්, පවුලේ ඥාතීන්ගේ තීරණය අනුව දේහය භූමදානය කිරීමට වෙනස් කර තිබෙන බවයි.
ඔහුගේ නැගණිය මාධ්‍යට ප්‍රකාශ කළේ දේශපාලනික වශයෙන් පැවැති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් තමාගේ සොහොයුරා සිදුකළ පැමිණිල්ලක් හේතුවෙන් මෙම තීරණය ගත් බවය.
නන්දන ගුණතිලක මහතා කලක් රෝගාතුරව සිටි අතර, රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය ජනවාරි 18 වැනිදා අලුයම අභාවප්‍රාප්ත වූයේ 63 වියේදීයි. ඔහුගේ දේහය මීට පෙර පානදුර නගර සභාවේ සහ වාද්දුව තරුණ බෞද්ධ සමිති ශාලාවේ තැන්පත් කර ගෞරවය පළ කිරීමට ඉඩ සැලසුණා.
1962 සැප්තැම්බර් 7 වැනිදා පානදුර ප්‍රදේශයේ උපත ලැබූ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මුල්කාලීන සාමාජිකයෙකු වූ අතර, 1999 ජනාධිපතිවරණයේදී ජවිපෙ අපේක්ෂකයා ලෙස තරඟ කළේය. 2009දී එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ සංචාරක අමාත්‍ය ධූරයේ වැඩබලන තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ධූරය දරමින් කටයුතු කළා. පසුව ජවිපෙෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂය හරහා දේශපාලනයේ නිරත වූ ඔහු පානදුර නගර සභාවේ සභාපති ධූරය දෙවරක් දැරුවා.
වත්මන් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාවට එරෙහිව ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනාවක් සිදු කර තිබුණා.

