මෙම මාසය තුළ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බවට වාර්තා වේ.

සමගි ජන බල­වේ­ගය සහ එක්සත් ජාතික පක්ෂය අනි­වා­ර්ය­යෙන්ම එකතු වෙන බව සමගි ජන බල­වේ­ගයේ මහ­ලේ­කම් පාර්ලි­මේන්තු මන්ත්‍රී රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර මහතා පව­සයි.

ශ්‍රී දළදා සමි­ඳුන් උදෙසා වාර්ෂි­කව සිදු කෙරෙන අලුත් සහල් මංග­ල්‍යය පෞරා­ණික චාරි­ත්‍රා­නු­කූ­ලව හෙට (03) ශ්‍රී දළදා මාලි­ගා­වේදී සිදු කෙරෙයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය වසර තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 285කට වැඩි දඩ මුදලක් අය කරගෙන තිබේ.

දිට්වා සුළි කුණාටුව සහ ගංවතුර හේතුවෙන් හානියට පත්වූ දේපළ වෙනුවෙන් රුපියල් කෝටි 4500ක් රක්ෂණ වන්දි මුදලක් ඉල්ලා ඇතැයිද, ඉන් ඉල්ලුම්පත් 790ක් රක්ෂණ සමාගම් මගින් ප්‍රතික්ෂේප කර ඇතැයිද ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (02) අලුයම නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වෙයි.

නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලබා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.

සිසුන් පනහට අඩු පාසල් සංඛ්‍යාව එක්දහස් හයසිය හතළිස් හයක් දක්වා වැඩි වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම සංඛ්‍යා ලේඛන අනාවරණය කරයි.

ld add copy

Latest News

Connet With Us