මේ වසරේ මුල් මාස හයට නිසි ලෙස විදුලි බිල ගෙවීමට නොහැකිවූ නිවාස පන්ලක්ෂ පන්දාස් නවසිය හතළිස් නවයක විදුලිය විසන්ධි කර ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කරයි.

 යෝජිත ගාල්ල වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන මුහුදු ගොඩකිරීම පිළිබඳ සැලැස්ම රජය පිළිනොගන්නා බව ත් එම සැලැස්ම ක්‍රියාත්මක නොකරන බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.

බදු මුදල් මෙමස 26 වැනිදා වනවිටදී ගෙවීමට අපොහොසත් වුවහොත් කිසිදු දඩ සහනයක් ලබා නොදෙන බවත්, මේ වනතෙක් නොගෙවූ ස්ව තක්සේරු බදු සහ හිඟ බදු අය කරගැනීමට අදාළව නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙරට සහල් අර්බුදය විසඳීම සඳහා බව පවසමින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද මිනිස් පාරිභෝජනයට නුසුදුසු කල් ඉකුත්වූ සහල් මෙට්‍රික් ටොන් 75 ක සහල් තොගය වහාම ප්‍රතිඅපනයනය කරන ලෙස රේගුව ආනයනකරුට දැනුම්දී ඇත.

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය අද (16) ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ඨපතිබවන් හී දී පැවැත්වීමට නියමිතය.

කථානායක ධුරයට ජගත්

Published in පුවත්
Monday, 16 December 2024 08:42

ජාතික ජන බලවේග රජයේ නව කථානායක ධුරය සඳහා වෛද්‍ය ජගත්‌ වික්‍රමරත්න මහතා පත්‌ කිරීමට තීරණය කර තිබේ.

ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින අතර එම පද්ධතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇත.

කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

ld add copy

Connet With Us