ඉදිරියේදී පොල්තෙල් මිල ඉහළ යාමේ අවදානමක්

Published in පුවත්
Friday, 30 January 2026 07:57

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙන්නේ පොල්තෙල් සහ පාම්ඔයිල් සඳහා පවතින විශේෂ බද්ද ඉවත් කිරීමට රජය ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාව හේතුවෙන් පොල්තෙල්වලට අහිතකර තෙල් වර්ග මිශ්‍ර කර වෙළෙඳපොළට පැමිණීමේ අවදානමක් ඇති බවයි.

දේශීය පොල්තෙල් මිල ඉහළ යාමේ අවදානමක් ද මින් මතුවන බව ඊයේ (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසුවේය.

එළෙඹෙන අප්‍රේල් 01 වැනිදා සිට වෙළඳපොළේ පොල්තෙල් මිල ඉහළ යා හැකි බවත් එම තත්ත්වය හේතුවෙන් ෆාම්තෙල් සහ වෙනත් තෙල් වර්ග වෙළඳපොළේ වැඩි වශයෙන් සුලභ වීමේ අවදානමක් පවතින බවත් ඔහු අනතුරු අඟවා ඇත.

නව බදු සංශෝධන හේතුවෙන් පොල්තෙල් මිල ඉහළ යාමත් සමඟ ෆාම්තෙල් සහ වෙනත් තෙල් වර්ග අඩු මිලට වෙළඳපොළට පැමිණීමට ඉඩ ඇති බවත් වෛද්‍යවරුන්ගේ අදහස් අනුව ගැඹුරු තෙලේ ආහාර පිසීම සඳහා සුදුසු වන්නේ පොල්තෙල් පමණක් වන අතර, ෆාම්තෙල් සහ වෙනත් තෙල් වර්ග භාවිතය සෞඛ්‍ය අවදානම් වැඩි කරන බවත් ඔහු පවසයි.

තවද, පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන් විසින් දේශීය වෙළඳපොළට අවශ්‍ය පොල්තෙල් නිෂ්පාදනය සඳහා තිබෙන පොල් විදේශ අපනයනයට යොමු කිරීම හේතුවෙන් මෙරට වෙළඳපොළේ පොල්තෙල් හිඟයක් ඇති වන බවත්, එමගින් පාරිභෝගිකයන් ෆාම්තෙල් සහ වෙනත් තෙල් වර්ග පරිභෝජනයට තල්ලු වීමක් සිදුවන බවත් රංජිත් විතානගේ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us