අධ්‍යාපන පරිපාලන සේවා පුරප්පාඩු ගැන පෙත්සම පෙබරවාරි 23 වැනිදා කැඳවයි

Published in පුවත්
Friday, 30 January 2026 07:50

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි පන්තියේ දැනට පවතින පුරප්පාඩු 1500 කට අධික සංඛ්‍යාව පිරවීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි පන්තියට සමත් කිරීමේ විභාගය සඳහා පෙනී සිටි පිරිසක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා පෙබරවාරි 23 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29 වැනිදා) නියෝග කළේය.

මෙම පෙත්සම ඊයේ (29 වැනිදා) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරේකා අහමඩ් අධිකරණයට දන්වා සිටියේ සිය ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට පැමිණීමට නොහැකි තත්ත්වයක් පවතින බැවින් වෙනත් දිනයක් ලබාදෙන ලදී.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සලකා බැලීම සඳහා පෙබරවාරි 23 කැඳවන ලෙස නියෝග කළේය. 2023 සැප්තැම්බර් 21 වැනිදා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි පන්තිය සඳහා විභාගය පැවැති බවත් ඒ සඳහා තමන් ද ඉදිරිපත් වූ අතර අපේක්ෂකයන් 735 දෙනකු සමත් වූ බවත් ඉන් පිරිසක් ඊට නුසුදුස්සන් බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us